ශලනි තාරකා කියලා කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ කලාකාරිනියක්.ශලනි ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තරමටම මෙරට ආදරණිය ප්‍රේක්ෂකයන් ඇයට ආදරය කරනවා. ජනප්‍රියම නිළිය සහ හොදම නිළිය ලෙසින් පිට පිටම සම්මාන දිනාගැනීමටත් ඇය වාසනාවන්ත වුනා. ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් ඉටුකරන්න ඇය කටයතු කරනවා. ඇයගේ රංගනයන් හරිම තාත්විකයි. ඇය රංගනයෙන් දායක වෙන චරිත වලට ප්‍රේක්ෂකයින් බොහෝ ආදරය කරනවා. වර්තමානයේ කියා දෙන්න ආදරේ තරම් ස්නේහාගේ චරිතයත්. මිනූහි අසේකාගේ චරිතයත් එවැනි චරිත අතරින් කිහිපයකි.
ශලනි තවමත් තනිකඩ බව හැමෝම දන්නනා කරුණක්. ඇය විවාහය ගැන කතාකරන්න වැඩිය උතසහ කරන කෙනෙක් නෙවෙයි. නමුත් හොද කෙනෙක් ලැබුනොත් සමහරවිට විවාහ වේවි කියලා තමයි ඇය කිවුවේ. ඉතින් ශලනි ගැන සුබ පුවතක් අසන්න ලැබෙනවා. නමුත් ශලනි මෙය ස්ථිර වශයෙන් තවමත් කියලා ශාලානිගේ හිතවත් ලගම රූපලාවන්‍ය ශිල්පියෙක් හරහා තමයි මෙය දැනගන්න ලැබෙන්නේ.
ඒ ශාලානිට මංගල සීනු හැඩවෙන්න ලගයි කියලා. ඔහු කැනඩාවේ ජිවත් වෙන ලංකාවේ ධනවත් ව්‍යාපාරිකයෙක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඇය ලදී විවාහ වෙයි කියලා තමයි දැනගන්න ලැබුනේ. ඉතින් අපි ඇයට හදවතින්ම සුබ පැතුම් එක්කරනවා. ඇයගේ ජිවිතේ අනාගත සියලු සිතුම් පැතුම් සියල්ලක්ම සාර්ථක වේවා කියා.
Leave a Comment