කලා ක්ෂේත්‍රයේ ඉන්න දශක ගණනාවක් පුරා සිය දස්කම් දැක්වූ ආදරණීය ගෞරවනීය කලාකරුවෙක් තමයි ආනන්ද වික්‍රමගේ කියන්නේ. කලාකරුවන් රැසකට ගුරු පියකු ඔහු පසුගිය කාලයේ නම් කලාවෙන් මදක් ඈත් වෙලා තමයි හිටියෙ. සිය බිරිදත් දරුවන් දෙදෙනාත් කලා ලොවේ ජනප්‍රිය තරු.
කොල්ලුපිටියෙ උපත ලබන ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙ අධ්‍යාපනය ලබන අතර පවුලේ සාමාජිකයන් 6 දෙනෙක් ඔහු හය වෙනියා.. ඔවුන්ගේ ආදරණීය පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙස සේවය කළ අතර ඔහුගේ මම ගෘහණියක්. වර්තමානයේ ඔහු රංගන ශිල්පියෙක් උනාට. පාසල් යන කාලයේ ඔහු රගර් ක්‍රීඩාවට තමයි දස්කම් දක්වලා තියෙන්නේ.
නළුවෙක් වෙච්ච ඔහු අදටත් වේදිකාවට ආදරය කියලා තමයි ඒ හැම තැනම කියන්නෙ. හේතුව ඔහු වේදිකා නාට්‍ය තුළින් තමයි පුංචි තිරයට එන්ඩ දැකීම රැසක් ලබා ගත්තෙ.. කාලීනව රිදී තිරයට පිවිසෙන එතුමා සාර්ථක රංගන ශිල්පියෙක් ලෙස චිත්‍රපට හතලියක පමණ රංගනයට දායක වෙලා තියෙනවා. පසුකාලීනව ඔහු හාස්‍ය හාස්‍යෝත්පාදක රංගනයක පමණක් නිරත වෙනවා කියලා තමයි සමාජය හඳුනා ගත්තේ. එතුමා ඒ සම්බන්ධයෙන් කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.
මම පුද්ගලිකව විශ්වාස කළ දෙයක් තමයි ප්‍රේක්ෂකයෝ හිනස්සන්න අමාරුයි කියන එක. මගේ රඟපෑම් තුළින් ප්‍රේක්ෂකයන් සිනහා වෙනවා නම් මට හැඟෙන්නේ මට පැවරුණු රාජකාරිය හරි අපූරුවට මම ඉටු කළා කියලා.රංගන ශිල්පියෙක් විදියට පවරන ඕනෑම කාර්යයක් සාර්ථකව ඉටු කරන්න හැකියාව තිබිය යුතුයි. මාව ඒ විදිහට මෙහෙයවපු සියලු අධ්‍යක්ෂකවරුන්ට මම සාධාරණය ඉෂ්ට කළා කියලා මට සතුටක් තියෙනවා.
ඒ වෙද්දී එතුමා පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ ද දකින්නට ලැබෙන්නේ නැහැ ඒ මොකද කියලා හොයලා බලනකොට තමයි දැන ගත්තේ අසනීප තත්ත්වයෙන් කාලය ගත කරනවා කියලා. ඔහු කිව්වේ මෙන්න මෙහෙම කතාවක්…
මෑතක රඟපෑ රඟපෑමෙන් ඈත් වෙලා හිටියේ වකුගඩු අමාරුවක් හැදුනා. මගේ වකුගඩුවක් අවුරුදු තුනකට කලින් බද්ධ කළා. ඊට පස්සේ වෛද්‍ය උපදෙස් මත මම රඟපෑමෙන් ඈත් වෙලා හිටියේ. මම අවසාන වරට රඟපෑවේ හර්ෂ උඩකන්ද ගෙ කබඩ් චිත්‍රපටියේ.
කලා ලොවට විශාල සේවයක් ඉටුකලා කලාවට ශක්තිමත් පුතුන් දායාද කරපු එ තුමාගේ සැඳෑ සමය නිදුක් නිරෝගීව මට කරන්න ලැබෙන්න කියලා අපි ආශිර්වාද කරනවා.
Leave a Comment