බන්දු සමරසිංහ මෙයාව නොදන්නා කෙනෙක් නම් මේ ලංකාවේ නැහැ. බන්දු සමරසිංහ කියන්නේ අපගේ මුවගට සිනහවක් එක්කරන ආදරණිය චරිතයක්. ආදරණිය නිහතමානී නළුවෙක්. ප්‍රහසනය තුලින් මුළු රටේම ආදරය දිනාගත් කලාකරුවෙක්. ඔහු ගැන හැමෝම දන්නවා වුනාට ඔහුගේ පවුලේ අය ගැන හැමෝම දන්නේ නැති තරම්. ඔහුට කඩවසම් පුතෙකු සිටිනවා. ඔහු තමයි කාංචන සමරසිංහ. ඔහුත් කලාවට සම්බන්ධයි.
ගීත ගායනයට ඔහු දක්ෂයෙක් කියලා කිවුවොත් හරියටම හරි. ඉතින් තාත්තා වගේම ඔහු දක්ෂයෙක්. පසුගිය කාලයේ ඔහු විවාහ වුනා. ඔහු විවාහ වෙන්නේ සුවිශේෂී තරුණියක් සමග නිසා එය කතාබහට ලක්වුනා. ඔහු විවාහ වෙන්නේ ආදර සබදතාවකින්. ලෝකේ ලස්සනම කැම්පස් කෙල්ල ල්ව්සින් කිරුළු පැළදි සුරූපී තරුණියක් වන ප්‍රමොදී කෞශල්‍යා සමගින් තමයි ඔහු විවාහ වෙන්නේ. ඉතින් මේ වෙද්දී මෙයාලා ලස්සන ආදරය පිරුණු පවුල් ජිවිතයක් ගත කරනවා.
ඉතින් මෙයාලගේ සියලු සුබ ප්‍රාර්ථනාවන් ඉටුවේවා කියා අනාගත ජිවිතයට අපි හදවතින්ම සුබ පැතුම් එක්කරමු.
Leave a Comment