නිහතමානී කම කියන්නේ කෙනෙකුට ආබරණයක්. නිහතමානී බව නිතරම හැමෝම එක්ක සුහදව කටයුතු කිරීම වගේ දේවල් නිසා ඕනෑම කෙනෙක් එන පැහැදීමක් නිතැතින්ම ඇතිවෙනවා. කෙනෙකු ජනප්‍රිය වෙද්දී බොහෝ දුරට නැතිවෙන්න්නෙත් නිහතමානී බව සහ හැමෝම එක්ක තියෙන සුහදශීලි බවම තමයි. නමුත් රොෂාන් රණවන කියන්නේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ලංකාවේ ඉන්න ආදරණිය දක්ෂ කලාකරුවෙක්. ඔහුට හැමෝම වගේ ආදරෙයි. ඔහු ඉතාමත් නිහතමානී ආදරණිය චරිතයක්.
රොෂාන් කියන්නේ සිනමාවේ දක්ෂයෙක්. ඔහු සිනමාවේ ආදරණිය පෙම්වතා. එදා වගේම අදටත් ඔහු තිරයේ පෙම්වතාම තමයි. තවමත් ඔහු කඩවසම් තරුණයෙක්. තරුණියන්ගේ ආකර්ශනයද ඔහුට නොඅඩුවම ලැබෙනවා. රොෂාන් ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඔහුගේ නිරමාණ බලන්න හැමෝම වගේ කැමතියි. රිදී තිරයේ සදාතනික පෙම්වතා යන නමින් වුවද ඔහුව හැදින්වුවාට කිසිදු වරදක් නැති තරම්. ගයන්න , නටන්න, නිවේදනයට එකී මෙකී නොකී මේ සාම දෙයකටම ඔහු එකලෙසින්ම දක්ෂයි.

රොෂාන් විවාහ වෙන්නේ සුරූපී බිරිඳ කුශ්ලානි සමගින්. රොෂාන්ට වගේම දැන් කුශ්ලානිට ආදරය කරන පිරිසක්ද සිටිනවා. කුශ්ලානි කියන්නෙත් නිතරම සිනහවෙලා ඉන්න ඉතාමත් නිහ්ටහමනි ආදරණිය තරුණියක්. රොෂාන් සහ කුශ්ලානි විවාහ වෙන්නෙත් කාලයක් ආදරය කරලා. ඒ ආදර කතාව හරිම සුන්දර එකක්. කුරුල්ලයි කිරිල්ලියි වගේ හරිම සතුටින් ඔවුන් දෙදෙනා මේ වෙද්දී සුනදර්ව ජීවිතය ගත කරනවා. දැන් මේ පුංචි කැදැල්ලට පුංචි පුතෙකුත් ඉන්නවා.
ඔහු තමයි මිනෙත්. මිනෙත් කියන්නේ හරම හුරතල් දරුවෙක්. රොෂාන් ගේ වැඩේ දැන් පුංචි පුතා එක්ක සෙල්ලම් කරන එකම තමයි කියලයි කුශ්ලානි කියන්නේ. ඉතින් රොෂාන් , කුශ්ලානි සහ මිනෙත් පුතු නිවාඩුවක් සදහා නුවරඑළියේ ගිහින් තිබුනා. ඉතින් ඒ නිවාඩුව ඉතාමත් සුනදරව ඔවුන් ගත කරලා තිබුනා වගේම සුන්දර චායාරූප සමාජ මාධ්‍යට එක්කරලත් තිබුනා. මේ පුංචි කැදැල්ලේ ඉදිරි සියලු සුබ බලාපොරොත්තු ඉටුවේවා කියා අප හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.
Leave a Comment