සිනමාවේ ආදරවන්තයා ලෙසින් කවුරුත් හදුනන ආදරණිය නළුවා රොෂාන් රණවන. වයසට නොයන ආදරණිය පෙම්වතා තමයි ඔහු. තිරයේ පෙම්වතා වගේම සැබෑ ජිවිතයේ ආදරණිය පෙම්වතෙක් තමයි ඔහු දැන් ඔහු සැමියෙක් ආදරණිය පියෙක් වෙනවා. අවුරුදු 19ක ආදර කතාවක් එක්ක තමයි රොෂාන් ජිවිතයේ ආදරය විදින්නේ. හරිම සුන්දර ආදර කතාවක් ඔවුන්ට තිබෙනවා. රොෂාන් වගේම ආදරණිය බිරිඳ කුශ්ලානි හරිම සුන්දර නිහතමානී චරිතයක්. පුංචි පුතු මිනෙත් නිසා මේ කැදැල්ල දැන් තවත් සු න්දරයි.
අගෝස්තු පළවෙනිදා ඔවුන්ගේ අටවන විවාහ සංවත්සරය දී තිබුනා. එය සමරන්න මේ දෙදෙනාම අමතක කරලා තිබුනේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ ආදර කතාවට දැන් අවුරුදු 19ක් කියලත් රොෂාන් කියලා තිබුනා. ඉතින් හැමදාමත් ආදරයෙන් සතුටින් ජීවිතය විදින්නට හැකිවේවා කියත් සුබ විවාහ සංවත්සරයක් වේවා කියාත් අප සුබ පැතුම් එක්කරනවා.
Leave a Comment