ආදරය සෙනෙහෙස කියන්නේ උතුම් දෙයක් උතුම් හැගීමක්. ආදරය කියන දේ හැමෝම වෙනුවෙන් හටගන්නෙත් නැහැ. ආදරය තියෙන තැන ජීවිතය හරි සුන්දරයි. පරමය විදින අය ඒ සුන්දර බව දන්නවා. ආදරයේදී දුක සතුට මේ හැමදේම පොදුයි. මේ හැමදේම දරාගෙන් යන ගමනක් තමයි ආදරය කියන්නේ.ආද්‍රය කියන්නේ තේරුම් ගැනීම අවබෝධය මත ඇතිවෙන දෙයක්. සමහරෙකුට දැකපු ගමන් වුනත් ආදරයක් ඇතිවෙන්න පුළුවන්. ආදරයේදී වැදගත්ම දෙය වෙන්නේ විශ්වාසය.
විශ්වාසයක් නොමැති තැන ආදරය පවතින්නේ නැහැ. ආදරයට පාටක් ජාතියක් ආගමක් නැහැ. ඉතින් හදවතින්ම ආදරය කරන දෙන්නෙකුට මොන ප්‍රශ්නය ආවත් හැමදාම සතුටින්ආ දරයෙන් ජිවත් වෙන්න පුළුවන් ඔවුන්ගේ තියෙන ආදරයේ ශක්තිමත් බව නිසාම. සමහර අවස්ථාවලදී අපේ ජිවිත පි නොහිතන විදියට වෙනස් වෙන්න පුළුවන්. ඔබේ පෙම්වතාට පෙම්වතියට ලොකු අනතුරක් සිදුවුනොත් ඔබට දරාගන්න පුලුවන්ද. ඔහුට හෝ ඇයට පාදයක් අහිමි වුනොත් ඔබ එලෙසින්ම ඔහුට ඇයට ආදරය කරනවද.
මේ කියන්නේ මුළු රටම කාලයක් කතාබහට ලක්කළ අපුරු ආදර කතාවක් ගැන. ඒ ධනුෂ්කගේ සහ සුරන්ගිගේ ආදර කතාව. පාදයක් අහිමි තරුණියක් සමග විවාහ වන තරුණයෙක්. මොවුන්ගේ ෆොටෝ ෂුට් එකක් සමාජ මධ්‍යයේ සංසරණය වෙන්න පටන් ගන්නවා. පස්සේ හැමෝම මේ ගැන හොයන්න පටන් ගන්නවා. එතනදී හෙලිවෙන්නේ තරමක් දුක්බර කතාවක්. වෙඩින් එකට ලංවෙද්දි ලොකු අනතුරකට ඔවුන් මුහුණ දෙනවා.

අපි යාළුවෙලා අවුරුදු 13ක්. වෙඩින් එක ගන්න ඉන්නකොට තමයි අපි දෙන්නා accident වුනේ. දෙන්නම රෝහල් ගතකලා. ඒ අනතුරෙන් මගේ කකුල කපලා අයින් කරන්න සිද්දවුනා. එයත් ඉදියේ හොස්පිට්ල් එකෙමයි. ඒත් එයා දන්නේ නෑ මගේ කකුල කපලා කියලා. මන් ගෙදර එක්කගෙන ආවටත් පස්සේ එයා දන්නේ මගේ කකුල කපලා කියලා. එදා එයා හොදටම ඇඩුවා. අඩලා කිවුවේ ඔයා ජීවිත කාලෙම ඇදක් උඩ හිටියත් මන් ඔයාව බලාගන්නවා කියලා විතරයි. ඇය ඒ කතාව ගැන කිවුවේ එලෙසින්. පස්සේ ඇය කකුලක් දාගන්නවා. ඒ ආදරේ වෙනස් වුනේ නැහැ. රූපයට නැතිව හදවතින් ආදරේ කර මිනිස්සු කවදාවත් වෙනස් වුනේ නැහැ. මේ දෙන්නා ලස්සන වෙඩින් එකක් අරගෙන විවාහ වුනා. ඉතින් මෙයාලා ගැන සුබ ආරංචියක් දැනගන්න ලැබුනා. එයාලා මව්පිය පදවිය ලබලා. එයාලට පුංචි පුතෙක් තමයි ලැබෙන්න යන්නේ. ලස්සන ප්රෙග්නසී ෂුට් එකක් මේ දෙන්නා සිදුකරලා තිබුනා. ඉතින් අලුතෙන් එන්න ඉන්න අමුත්ත්ටත් මේ දෙපළටත් අපි හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.dream go photography ආයතනය තමයි මේ සොදුරු අවස්ථාව රූ ගත කරලා තිබුනේ.
Leave a Comment