විවාහය කියන්නේ කෙනෙකුගේ ජිවිතේ වැදගත්ම වගේ වටිනාම දවසක්. මතක හිටින ඩාආ තරුණයෙක් තරුණියක් ජිවිතේ ඇගිලි ගනිමින් බලාපොරොත්තු දල්වමින් සිටින දවසක්. ඒ දවස හැමෝගෙම හීනයක්. ඉතින් විවාහය කියන දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ. විවාහයක් වෙනුවෙන් හැමෝගෙම ආශිර්වාදය ලැබෙන්නත් පින තියෙන්න ඕන. මේ දිනවල සමාජ මධ්‍යයේ හැමෝගෙම ආදරය දිනාගත් ආදරණිය යුවලක් තමයි තෙරුවන් සරණයි කපල් එක.
විවාහය ලියාපදිංචි කරද්දී රෙජිස්ටාර් කියූ පසු අත්සන වෙනුවට තෙරුවන් සරණයි කියලා අත්සන් කරපු කපල් එක තමයි මේ කියන්නේ. එයාලට මුළු ලංකාවම තෙරුවන් සරණයි කියලා ආශිර්වාද කරා.ඒ වීඩියෝව සමාජ මධ්‍යයේ සංසරණය වෙනවා හැමෝගෙම ආශිර්වාදයත් ලැබෙනවා. මේ කපල් එක තමයි හෂිනි දිල්හාරා සහ අනුරාධ පෙරේරා. එයාලා හරිම ආදරණිය යුවලක්. ඒ සිදුවීම ගැන හෂිනි මුහුණු පොතට සටහනක්ද එක්කර තිබුනේ මෙලෙසින්.
තෙරුවන් සරණයි. මේ වීඩියෝ එකේ ඉන්නේ මායි මගේ හස්බන්ගෙයි එන්ගේජ්මන්ට් එක දවසේ උන පොඩි සිද්දියක්. ඇත්තම කිවුවොත් ඒක පොඩිමත් නෑ. එතන උන කිසිමදේකට මගෙයි මගේ හස්බනුයි ඇරෙන්න රෙජිස්ටාර් මිස්ගේ කිසිම වැරද්දක් නෑ. එයා අපිට කිවුවේ ආගම සිහිකරගෙන අත්සන් කරන්න කියලා. අපි දෙන්නා පොඩ්ඩක් කන්ෆියුස් උනා එච්චරයි. අපි දෙන්නා ඕන තරම් විහිළු දන්නවා. කියන දෙයක් අපි දෙන්නට කියන්න.
Leave a Comment