Gossip

යකඩ යකා එක්ක හරි හරියට ඔට්ටු වෙන පුංචි කෙල්ල සිතුමි.

කෙල්ලෝ කියන්නේ එක තැනකට වෙලා ඉන්න ඕන පිරිසක් නෙවෙයි. නැහැ බෑ කියන වචනය කෙල්ලන්ට උරුම වෙන්නත් හොද නෑ. කෙල්ලෙක් අලුත් දෙයක් කරන්න ගියාම සමාජයේ විවිධ දොශාරෝපනයන්ට ලක්වෙන අවස්ථාත් තියෙනවා. ඒ වගේම ඕවා කෙල්ලෝ කරන වැඩ නෙමෙයි. කෙල්ලොන්ට ඕවා ගැලපෙන්නේ නෑ ඕවා කොල්ලොන්ගේ වැඩ කියලා කියන අයත් ඕන තරම් ඉන්නවා. ඉතින් මේ කතා ඔලුවට ගත්තොත් නම් වැඩක් කරනවා බොරු. කෙල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු කෙල්ලෙක් තමයි සිතුමි රොද්‍රිගෝ කියලා කියන්නේ. ජීවිතය වෙනස් කරගත්ත තරුණියක් වගේම තරුණියන්ට වගේම මුළු රටටම ලොකු පාඩමක් ආදර්ශයක් ලබාදෙන දිරිය දියණියක් තමයි ඇය.

Leave a Comment