Gossip

මේ දවස්වල හැමෝම හොයන සේමිනිගේ හුරුබුහුටි දියණිය කුමලි ඉද්දමල්ගොඩ.

කාලයක් තිස්සේ ලංකාවේ රනගන ක්ෂේත්‍රයේ ඉන්න ආදරණිය රනගන ශිල්පිනියක් තමයි සෙමිනි ඉද්දමල්ගොඩ කියන්නේ. ඇය නිසා සිනහවුණු ප්‍රේක්ෂකයෝ ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා. ඉතාමත් සුන්දර වගේම නිහතමානී රංගන ශිල්පිනියක් ලෙසින් ඇය කළා ලෝකයේ සහ ප්‍රේක්ෂකයා අතර ජනප්‍රියත්වයට පත්වුනා. එදා වගේම ඇයගේ ඒ ජනප්‍රියත්වය අදටත් එලෙසින්ම තියෙනවා. එහි කිසිදු වෙනසක් දැකගන්න ලැබෙන්නේ නැහැ.

නමුත් ඉස්සර සෙමිනි නිතරම ටෙලි තිරයේ සිනමාවේ දකින්න ලැබුනත් දැන් ඇය නිරන්තරයෙන් නිරමාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ. කොහොම නමුත් කළා ක්ෂේත්‍රය තුල ඇයගේ මතක අදටත් එලෙසින්ම පවතිනවා. මෙරට ලොකු පොඩි හැමෝම වගේ ආදරය දිනාගත් ජනප්‍රිය ටෙලි නිරමාණයක් තමයි yes බොස් කියලා කියන්නේ. මෙම ටෙලි සිත්තම නරඹපු කෙනෙක් නැති තරම්.

මේ දිනවලත් නැවතත් සෙමිනි රෝෂිනි මැඩම් ලෙස රංගනයෙන් දායක වෙන එම ටෙලි සිත්තම නැවත විකාශනය වෙනවා. සෙමිනි සුනඩර් බව හැමෝම දන්නවා. ඉතින් සෙමිනිට හුරුභුටි ලස්සන දියණියක් ඉන්න බව හැමෝම දන්නවා. සෙමිනිගේ 27වන විවාහ සංවත්සරය නිසා ඇය ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් ගත්තා. දැන් ඇය අවුරුදු 20ක තරුණියක්.කුමලි ඉද්දමල්ගොඩ තමයි ඇය.ඇයගේ සුන්දර චායාරූප එකතුවක් සේමිනිගේ විවාහ සංවත්සරයදා එලියට ආවා.

ඇය දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක්. ඉංග්‍රීසි බසින් ඇය ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. ඉතාමත් විශිෂ්ට අයුරින්. ඇය ඉතාමත් දක්ෂ තරුණියක්. කොහොම නමුත් ඇය නිලියක් වනවාට කලාවට එනවාට සේමිණි වගේම සැමියත් කැමති නැහැ කියලයි සේමිණි කියන්නේ.ඉතින් ඇය අධ්‍යාපනය තුලින් ඉදිරියට ගිහින් දවසක හොද රැකියාවක නිරතවනු ඇති. ඉතින් ඇයගේ සියලු සිතුම් පැතුම් සුබ වේවා කියා ප්‍රාර්ථනා ප්‍රර්ථනා කරනවා.

Leave a Comment