Gossip

මේනකගෙයි මෙයිලි දෝනිගෙයි සුබ පැතුම් මැද නෙහාරා උපන්දිනය සැමරූ හැටි.

මේනක රාජපක්ෂ නෙහාරා පීරිස් මේ දෙන්නව මුළු ලංකාවම දන්නවා.රංගන ක්ෂේත්‍රයේ සිඅටින අති දක්ෂ වගේම ජනප්‍රිය තරු දෙකක් වගේම තිරයේ කාලයක් පුරාවටම අහිංසක පෙම්යුවලක් තමයි මේ දෙන්නා. ඒ ප්‍රේම කතා තිරයට සීමානොවී පසුව ඔවුන් ප්‍රේමය ජයගෙන යුගදිවි අරඹන්න තරම් වාසනාවන්ත වුනා. එදා සිට අද වන තෙක් ජිවිතයේ කටුක මිහිරි හැම අත්දැකීමක්ම ජිවිතයට පන්නරයක් කරගෙන මේ දේපල සාර්ථක ලස්සන ජිවිතයක් ගත කරනවා.

නෙහාරා පිරිස් කියන්නේ හරිම සුන්දර යුවතියක්. තරමක් දඟකාර චරිතයක් වුනත් දැන් ඇය දඟකාර නම් නැහැ. තවමත් අතිශයින් ජනප්‍රිය නිලියක් තමයි ඇය. දැන් ඇය ගායිකාවක් ඒ වගේම දක්ෂ ජනප්‍රිය නර්තන ශිල්පිනියක්. සමහර අවස්ථාවලදී හොද ප්‍රසන්ටර් කෙනෙක්.ඒ වගේම නිලියක්. කාලවේ ඉන්න විට හැම දක්ෂතවයක්ම තියෙනවනම් ලොකු ගමනක් යන්න පුළුවන් හැකියාව ලැබෙනවා.

නෙහාරා කාලයක් මේනක සමග විදෙස් ගතවෙලා ඉදලා ලංකාවට ආවා. ඒ ඇවිත් හේලි ටෙලි කතාවේ විශ්සිෂ්ට රණග්නයක නිරත වුනා. ඒ විතරක් නෙවෙයි. මේ දිනවල ගුග්ලි ටෙලි කතාවේ සුවිශේෂී චරිතයකට ඇය රංගනයෙන් දායක වෙනවා. කාලයක් තිස්සේ රනගන කටයුතු වලින් ඇය දැකගන්න නොලැබුනත් දැන් නැවතත් ඇය ආදරණිය ප්‍රේක්ෂකයාට දැකගන්න පුළුවන්.

මවක් වීමත් සමග වගකීම් ගොඩක් එක්ක තමයි ඇය කාලය ගත කරන්නේ. දැන් මෙයිලි දෝනිට අවුරුද්දක් වෙනවා. එයාගේ හුරතල් වද එක්ක නෙහාර ජිවිතේ ලොකු සතුටක් විදිනවා. ඊයේ නෙහාරාගේ උපන්දිනය දී තිබුනා. ඒ උපන්දිනය චාම් අයුරින් සමරා තිබුනා. පුංචි දෝනි සහ මේනක තමයි ඇය ලගින්ම ඉන්නේ. අපිත් නෙහාරාට සුබ උපන්දිනක් වේවා කියා සුබ පැතුම් එක්කර සිටිනවා. ජිවිතේ දුෂ්කර මාවතේ ඔබ මගේ පැත්තේ සිටීම ගැන මම සතුටු වෙමි. සුබ උපන්දිනයක් මගේ ලස්සන බිරිඳ. ආදර ගීතයක් වගේ මම ඔයාට ආදරෙයි. යනුවෙන් මේනක නෙහාරට සුබ පැතුම් එක්කර තිබුනා.

Leave a Comment