Gossip

මිස් ශ්‍රී ලංකා 2022 කිරුළු පැලදී සුරූපී තාරකාවිය මෙන්න.

මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් 2022 ඇති උත්කර්ෂවත් අයුරින් මෙවර පැවැත්වුනා. ප්‍රවීන රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් එය සුදානම් කර තිබුනා. ඉතින් මෙවර ඉතාමත් සුන්දර තරුණියක් එහිදී කිරුළු පලදිනු ලැබුවා. ඇය ඌශි පෙරේරා. සැබවින්ම ඇය හරිම සුන්දර යුවතියක්. ඉතාමත් ලස්සන පවුලක් ඇයට තිබෙනවා. ආදරණිය සැමියෙකු ඒ වගේම පුතුන් දෙදෙනෙකු ඇයට සිටිනවා. සාර්ථක පවුල් ජිවිතයක් ඇය වසර 17ක් පුරාවට ගෙනයන කාන්තාවක්. මෙවර කිරුල හිමිවන්නේ එලෙසින් ජීවිතය ගෙවන සුන්දරියකට.

චන්දිමාල් කියන විදියට ඇයට පලදපු ක්‍රවුන් එකේ වටිනාකම කෝටි හය හමාරක්. ඉතින් අපි ඇයට හදවතින්ම සුබ පතනවා. ලංකාවේ නාමය ලෝකය ඉදිරියේ බබලවන්නට හැකිවේවා කියා. ඇය පවසන්නේ ඇයගේ මේ ජයග්‍රහණය පසු පස ඉන්නේ ඇයගේ ආදරනිය සැමියා කියලා. ඉතින් ඔහු ඇයගේ මේ ගමනේදී ලොකු ශක්තියක් වුනා කියලා ඇය කියනවා. ඉදිරියේදී රට වෙනුවෙන් හොද දෙයක් කරන්න ඇය බලාපොරොත්තුවෙන් සිටින බවයි ඇය කියා සිටියේ.

Leave a Comment