ට්‍රැවල් කරන්න කවුද අකමැති. හැමෝම කැමති ට්‍රැවල් කරන්න. ජීවිතය විදින්න. විදෙස් රටවල සංචාරය කරමින් බොහෝ අත්දැකීම් වලට මුහුණ දෙමින් ලෝකේ තියෙන සුන්දරත්වය අපට පෙන්වන ආදරණිය ට්‍රැවල් කපල් එක. එයාලා තමයි බිනාරියෝ 12. මෙයාලගේ වීඩියෝස් බලන්න හැමෝම කැමතියි. ඒ වගේම මේ දෙන්නාට හැමෝම ආදරය කරනවා. නදී සහ චිරන්තන තමයි ඔවුන් දෙදෙනා.
මෙයාලා ගැන ඉතාමත් සතුටුදායක සුබ පුවතක් පසුගියදා අසන්නට ලැබුනා. ඒ පුවතත් සමග හැමෝම සතුටු වුනා කිවුවොත් හරි. ඒ තමයි නදී සහ චිරන්තන උතුම් මව්පිය පදවිය ලබන්න වාසනාවන්ත වෙලා. දැන් ට්‍රැවල් කරන්න තවත් අමුත්තෙක් හරි අමුත්තියක් හරි පවුලට එකතු වෙන්න තමයි හදන්නේ. ඉතින් ඉස්සරහට මෙයාගේ ට්‍රැවලින් ලයිෆ් එක ගොඩක් ලස්සන වේවි කියලා නම් කියන්න පුළුවන්.
ඉතින් උතුම් මව්පිය පදවියට සුදානම් වන ඔබ දෙපලට අපි හදවතින්ම සුබ පැතුම් එක්කරන්නෙමු.
Leave a Comment