සුන්දර රූ සපුවකට හිමියම් කියන නිවේදනයට වගේම රංගනයටත් ගොඩක් දක්ෂ ආදරණීය චරිතයක් තමයි නර්මදා යාපා අබේවර්ධන කියන්නේ, මේ වෙද්දී රූපවාහිනී වැඩසටහන් හරහා ඔබ හමුවෙන්න එන නර්මදා යාපා සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ, ඉතින් නර්මදා මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් මම වැඩියෙන්ම නියැලිලා ඉන්නේ නිවේදනයත් සමග, ඒ වගේම ඉතින් මගේ ලොකුම රාජකාරිය තමයි මගේ ළමයි දෙන්නා බලාගන්න එක, ඒ ඒ වැඩත් එක්ක මම ඉතින් සතුටින් ජීවත් වෙනවා”
ළමයි දෙන්නෙක් තාත්තෙක් නැතුව උස්මහත් කරන එක ලේසි නෑ නේද..? ”ඇත්තටම ඒක ලේසි වැඩක් නෙවෙයි හැබැයි මම මගේ දරුවෝ දෙන්නට මටත් වඩා ආදරෙයි, ඒ දෙන්නා වෙනුවෙන් තමයි මම කරන හැම දෙයක්ම කරන්නේ, මම දවස පටන් ගන්නෙත් ඒ දෙන්නා එක්ක. මම කොච්චර කාර්යබහුල වුනත් ඒ දෙන්නා වෙනුවෙන් කොහොම හරි කාලය ඉතිරි කරගන්නවා, මගේ අක්කාගෙන් සහ එයාගේ හස්බන්ඩ්ගෙන් ලොකු උදව්වක් ලැබෙනවා මගේ ළමයි දෙන්නා බලාගන්න, මම නැති වෙලාවට ඒ දෙන්නා එක්ක තමයි බබාලා තියලා යන්නේ,”
ඔබ ළමයි දෙන්නම හදන්නේ තාත්තගේ ආදරේ නැතුව ඉතින් අනාගතේ දවසක ළමයි දෙන්නා තාත්තා ගැන ඇහුවොත් ඔබ දෙන පිළිතුර මොකද්ද..? ”මෙහෙමයි ඇත්තටම දැන් හැදෙන පොඩි ළමයි ඉස්සර ළමයි වගේ නෙවෙයි ඒ ළමයි හරිම බුද්දිමත්, ඒ අයට පොඩි පොඩි දේවල් පවා හරියට තේරුම් ගන්න පුළුවන්, එයාලා පොඩි කාලේ ඉඳන්ම දකින්නේ මාව ඉතින් ලොකුවෙලා ඔය ප්‍රශ්නේ ආවම ඒ ළමයි මාව තේරුම් ගනීවි, මම හිතන්නේ නෑ එයාලට තාත්තා ගැන පැහැදිලි කරන්න ඕන වෙයි කියලා,
මම එයාලා පොඩි කාලේ ඉඳන්ම ඒ දෙන්නා වෙනුවෙන් මහන්සි වෙනවා කියලා ඒ ළමයි දන්නවා, එයාලට අවශ්‍ය දේවල් මම දෙනවා නිදිකරවන්නෙත් මම අවදි කරන්නෙත් මම, මටත් තිබ්බා ළමයි දෙන්නා තාත්තට දීලා තවත් විවාහයක් කරන සතුටින් ජීවත් වෙන්න, හැබැයි මම තෝරාගත්තේ මගේ දරුවෝ දෙන්නා මේ ලෝකේ තියෙන ශක්තිමත්ම බැඳීම තමයි මවකගේ ආදරය, ඉතින් මට ආදරේ මගේ ළමයි දෙන්නගෙන් දුරස්කරන්න ඕන වුනේ නෑ, මොකද මගේ ළඟ ඉද්දී දරුවෝ දෙන්නගේ ආරක්ෂාව ගැන මට විශ්වාසයි, ඉතින් මම කරපු කැපකිරීම එයාලා තේරුම් ගනීවි ඒ වගේම එයාලා අත්හැරපු තාත්තා ගැනත්”
දැන් ළමයි ටිකක් ලොකුයි ඉතින් නර්මදා ආයේ විවාහ වෙන්න හිතන්නේ නැද්ද..? ”මෙහෙමයි මට විතරක් නෙවෙයි ජීවිතේ ඕනෑම කෙනෙක්ට වැරද්දක් වෙන්න පුළුවන්, ජීවිතේ එක තැනක වැරදුනා කියලා එතනම නතරවෙලා ඉන්න බෑ, මම තාම තරුණයි ඉතින් මමත් කැමතියි හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න, හැබැයි ඒ විවාහය කොලෙකට සීමා වෙච්ච එකක් වෙනවට මම කැමති නෑ, අනිත් කාරණය දැන් මම විතරක් නෙවෙයි මට ළමයි දෙන්නෙක් ඉන්නවා, ඒ නිසා ඒ ගැන අවබෝදයක් නැති නෙනෙක් එක්ක සම්බන්ද වෙලා ආයෙමත් ජීවිතේ වරද්ද ගන්න මට ඕන නෑ, මම ඇත්තම කියන්නම් මම සිංගල් නැහැ මම ආදරේ කරන මට ආදරේ කරන ජීවිතේ බෙදාගන්න මගෙත් එක්ක එකට ඉන්න කෙනෙක් ඉන්නවා, හැබැයි මම ආයේ විවාහ වෙන එක ෂුවර් නෑ”
Leave a Comment