රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් විදියට අපේ කලා ක්ශේෂ්ත්‍රය තුල ඉන්න කැපී පෙනන චරිතයක් තමයි මේධා ජයරත්න කියන්නේ. ඉතින් ඇය රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය බෙහෙවින් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා. ඉතින් දරුවන් ඉන්න මවක් හැටියට මේධා තවම සුන්දර කාන්තාවක් විදියට සතුටින් ජීවත් වෙනවා.

ඉතින් ඇය පසුගිය දවසක අද කලා ක්ශේෂ්ත්‍රය පත්වෙලා තියෙන තැන ගැන මේ විදියට අදහස් දක්වලා තිබුනා.
” අපේ රටේ කලා ක්ශේෂ්ත්‍රය තුලට කිසිම සුදුසුකමක් නැතුව ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්. මගේ ලොකුකමකට කියනවා නෙමෙයි මමනම් ඩිග්‍රි එකක් කරලා හොද හැදෑරීමක් එක්ක කලා ක්ශේෂ්ත්‍රයට ආවේ.

නමුත් අද ඕනම කෙනෙකුට ටිකක් ඇහැට කනට පේන්න ලස්සනයිනම් කලා ක්ශේෂ්ත්‍රයට එන්න පුලුවන්. අපේ රටේ දේශපාලනයටයි, රංගනයටයි කිසිම සුදුසුකමක් නැතුව සම්බන්ධ වෙන්න පුලුවන්. ඒත් පිටරටවල් වල එහෙම බෑ හැදෑරීම් කරලා තමයි කලාවට එකතු වෙන්න ඕන.”
Leave a Comment