ඉස්කෝලෙ ටෙලි නාට්‍යයේ අනගි කියන චරිතය හරහා මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් තමයි හිරුෂි පෙරේරා කියලා කියන්නේ.
කොහොම නමුත් රංගනයට පිවිසීම අහම්බෙන් වුණු දෙයක් කියලයි ඇය කියන්නේ. මොකද ඇයගේ කවුරුත් කලාවට සම්බන්ධ නැති නිසා. හැබැයි ඇයගේ අම්මට නම් ලොකු ආශාවක් තිබිලා තියෙනවා කලාවට. ඉතින් ඒ නිසාමයි ඇයගෙ අම්මා දෙරණ අවුරුදු කුමරිය තරගයට ඇයගේ ඉල්ලුම් පත්‍රයක් දාලා තියෙන්නේ.

ඉතින් ඊට පස්සේ එහි අවසන් වටය දක්වා ආව ඇයට මුලින්ම රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුනේ දෙවෙනි ඉනිමේ වේද මාමගේ දුවගේ චරිතය. ඒ වගේම ඇයට දැන් ආදර ඇරයුම් නම් ඕන තරම් එනවාලු. හැබැයි ඇය දැනටමත් ආදරවන්තියක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඔහුත් කළා ක්ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක් කියලත් ඇය කියනවා. ඉතින් ඒ ගැන ඉදිරියේ දී වැඩි විස්තර කියන්නම් කියලයි හිරුෂි කියන්නේ.

ඒ වගේම කළා ක්ෂේත්‍රයේ වැඩ කරද්දි ඉන්න ඕන විදියක් තියෙන නිසා අලුත් කෙනෙකුට රැඳෙන්න අමාරුයි කියලත් ඇය කියනවා. ඒ නිසා ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තියෙන කෙනෙක් ළඟින් ඉන්න එක ඇයගේ ආරක්ෂාවට හොඳයිලු. අනික කලාව කියන්නේ උදේ 8 ඇවිත් හවස 5 ට යන රැකියාවක් නෙවෙයි නිසා යන එන වෙලාවක් කියන්න බැහැලු. ඉතින් ඒ දේවල් තේරුම් ගත්ත, ඇය නියැළෙන ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් හමුවීම ඇයට ගොඩක් වටිනවා කියලයි සුරූපී නිලි හිරුෂි පෙරේරා අවසාන වශයෙන් පැවසුවේ.

Leave a Comment