හිරු ටීවී එකේ මේ දවස් වල සතියේ දිනවල රාත්‍රී 7.30ට අපේ ආලින්දයට එන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි අසිරිමත් දළදාගමනය කියන්නේ. මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකින් රංගනයෙන් දායක වෙන කෙනෙක් තමයි සංගීත් සතරසිංහ කියන්නේ. කඩවසම් තාරුණ්‍යයේ ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩියෙන්ම ලැබෙන කෙනෙක් තමයි සංගීත් සතරසිංහ කියන්නේ.

ඔහුගේ පියා දක්ෂ ප්‍රහසන රංගන ශිල්පියෙක් වන සුරංග සතරසිංහයි. සංගීත් ඔහුගේ නමින් යූ ටියුබ් චැනල් එකක් කරගෙන යනවා. ඉතින් කඩවසම් සංගීත්ට මේ වන විට අපේ රටේ තරුණියන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඔහු සහ දිනිති වල්ගමගේ ගැන විවිධ කට කතාවන්ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා. ඉතින් ට්‍රැවල් කරන්න ආස සංගීත් ඔහුගේ ආසාවක් ගැන මේ විදියටයි යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මම ආසයි ඕනේම දිහාක ට්‍රැවල් කරන්න. ලංකාවේ නොගිය තැනක් නැති තරම්. ඒ තරමටම මම ආසයි ඇවිදින්න. කවුරුහරි කිව්වොත් ලස්සන ප්ලේස් එකක් තියෙනවා කියලා මම සතියක් ඇතුළත වගේ කොහොම හරි ඒ තැන හොයාගෙන යනවා. විවිධ රටවල් වලත් ට්‍රැවල් කරන්න ගොඩක ආසයි. ස්විට්සර්ලන්ඩ්වල යන්නත් ආසයි. මට ආසයි හරක් ඉන්න තණකොළ ගොල්ලේ බිම වැටිලා හයියෙන් කෑ ගහන්න.”

Leave a Comment