උමාලි තිලකරත්න කියන්නේ රංගනයට වගේම ගායනයට, නර්තනයට සහ කළා ක්ෂේත්‍රයේ සිටින ඉතාම නිහතමානී චරිතයක්. එමෙන්ම විවිධ චරිතය හරහා දකින්න ලැබෙන ඇය තමාට ලැබෙන ඕනෑම චරිතයක් ඉතාම හොඳින් රඟපාන්න හැකියාව තියන කෙනෙක්.
නමුත් කාලයක් තිස්සෙම වැඩිය දකින්න නොලැබුණු උමාලි නැවත වරක් ටෙලිනාට්‍ය හරහා අපට දකින්න ලැබෙනවා. ඒ අයුරින් නිහඩව කාලයක් ගතකල ඇය දැන් ගෙවන ජීවිතය ගැන කියලා තිබුනේ මේ විදියට.
ජිවිතේ හොඳයි, රුගතකිරීම් වලට සහභාගී වෙනවා, ඒ විදියට දවස ගෙවෙනවා. මම ඉගන ගත්තේ කොළඹ මියුසිස් විද්‍යාලයෙන්. මම ගොඩක් අසාවෙන් හිටියේ මනෝ විද්‍යාව පැත්තෙන් ඉගනගෙන ඉදිරියට යන්න. ඒ ගැන ඉගනගන්න ඉන්දියාවට ගිහිල්ලත් නැවතත් ලංකාවට අවේ රුගත කිරීම් කටයුතු වලට දායකත්වය ලබාදුන් නිසා.

පාසල් යන කාලයේත් මම කාර්යභහුල චරිතයක්. ඉගැනීමේ වැඩ වගේම භාහිර දේවල් වලටත් සම්බන්ද වුනා. සංගීතය වගේම ක්‍රීඩා වලටත් සහභාගී වුනා. ඒකාලයේ නම් හරිම සුන්දරයි. මම දැන් හිතන්නේ අපි ජිවත් වෙන ලස්සනම කාලය වෙන්නේ මේ මොහොත, ගෙවුණු කාලයක් ගතවුණු දේවල් තියනවා නම් ඒවා නැවත ගන්න බැහැ.
ඒක විඳලා ඉවර වුනාම නැවතත් ඒ ගැන හිතලා වැඩක් නැහැ. ගෙවුණු කාලය කියන්නේ හීනයක් විතරයි. මම ජිවිතේ සතුටින්ම ඉන්නේ දැන් මේ කතාකරන වෙලාව, දැන් ජිවත් වෙන මොහොත. මම කලාවෙන් ටිකක් ඈත් වෙලා කාලයක් හිටියා. නිතරම කැමරාව ඉදිරියේ ඉන්නත් මගේ ආසාවක් නැහැ. ඒ වගේම කලාවේ නිරත වෙනවා කියලා කැමරාව ඉදිරියටම එන්න අවශ්ෂ්‍ය වෙන්නේ නැහැ.

අපි තව කෙනෙකුට ආදරේ කරනවා කියන්නේ ඒ කෙනා අපිත් එක්කම සතුටින් ඉන්න එකටම නෙවෙයි. කොහෙහරි කමක් නැහැ එයාගේ සතුට තියන තැනක ඉන්නවානම් ඒක දැකලා තමන්ටත් සතුටු වෙන්න පුළුවන් විදියට හිත හදගාන්න. ඒක ලේසි වැඩක් නෙවෙයි, හැබැයි එහෙම කලාම අපිට සැනසීමෙන් ඉන්න පුලුවන්.

Leave a Comment