Gossip

මමත් කැමති ආදරේ විදින්න, ආදරේට වයක් වැඩක් නැහැනේ.

අපේ රටේ කාලයක් තිස්සෙම ඉතා ජනප්‍රිය වෙලා ඉතා අලංකාර ගීත රැසක් රසිකයින් වෙනුවෙන් නිර්මනට කරමින් බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය වූ චරිතයක් හැටියට තමයි අපි හැමෝම දන්නා කියන සමිතා මුදුන්කොටුව මහත්මිය හඳුනාගන්නේ. සුන්දර කටහඩක් තියන නිසා ඇය වටා විශාල රසික පිරිසක් ඉන්නවා. එදා වගේම තමයි අදටත් ඇයගේ සුන්දර ගීත වලට වගේම ඇයගේ පෙනුමත් අදටත් කිසිම වෙනසක් වෙලා නැහැ. පවුලේ එකම දරුවා වූ ඇය ඉගැනිමෙන්ද ඉහලටම ගියා. ඒ අතරේ තමයි ඇය කලාවට එන්න වාසනාව ලැබෙන්නේ. උසස් සංගීත වේදිනියක් ලෙසින් උපාධියක් පවා ඇයට තිබෙනවා.

ඇය පළමු විවාහයෙන් පසුව දරුවන් වෙනුවෙන් විශාල කැපකිරීම කල ආදරණිය අම්ම කෙනෙක්. එය නම අපේ රටේ හැම අම්මා කෙනෙකුටම ලොකු ආදර්ශයක්. සතුට වගේම ජිවිතයට පැමිණෙන දුක වෙනුවෙන් පවා සාර්ථකව මුහුණ දෙන්නට ඇයට හැකියාවක් ලැබුන ශක්තිමත් ගැහැකියක් කියලා තමයි අපිට නම් පෙන්නේ. මිනිසුන්ගේ විවිධ කතා වලට ඇය මුහුණ දෙමින් ඉතා සාර්ථක ගමනක් පැමිණියා ඉතින් අද වෙද්දීත් ඇය ගැන ගොඩක් දෙනෙක් කතාබහට් ලක්වෙනවා අපිට දකින්න පුළුවන් ඒ පසුගිය කාලයේ ඇයගේ ජිවිතයට පැමිණි අලුත් කෙනා නිසා. විවිධ කතා ගොඩනැගෙද්දී ඉදිරයට පැමිණි ඇය අද වෙද්දී ගෙවන ජිවිතේ ගැන මිනිසුන් නම් එක එක කතා කියනවා.

එමෙන්ම ඇය කියනවා තමන්ගේ වටිනා ජිවිතේ විඳවන්නේ නැතිව ලස්සනට විඳින්න ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි මෙහෙමත් ඇය කියනවා. ‘ජිවිතේ තමන්ගේනේ, ඉතින් ඇයි තමන්ගේ ජීවිතේට දුක් දෙන්නේ හුදෙක් ප්‍රශ්න මැද වුනත් හිනාවෙලා සතුටින් ඉන්න. කොහම නමුත් වසර ගනනාවක්ම තම දරුවන් උස් මහත් කරමින් ඔවුන්ට අධ්‍යාපනය ලබාදෙමින් ඉන් පස්සේ තමයි සමිතා තමන් ගැන හිතන්නේ. ආදරයට වයස කියන්නේ ඉලක්කමක් විතරක්. කිසිම කෙනෙක් ආදරේට වයස බාදාවක් කරගන්න අවශ්ෂ්‍ය නැහැ කියලත් සමිතා කියනවා.

01

02

Leave a Comment