සුනිල් පෙරේරා මේ නම නම් ලංකාවේ කාටවත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔහු මේ ලංකාවට වටිනා සම්පතක්. නමුත් අපේ අවාසනාවට ඔහු මේ ලෝකේ අතහැරලා යන්න ගියා. ඔහු ගියද ඔහුගේ මතක ඔහුගේ ගීත සදා අමරණීයයි. ඒ ගීත කවදාවත් නොමියෙන ගීත. ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලදගත් ගීත. ඔහුට මෙරට සිටින සියලුම රසික රසිකාවියන් ආදරය කරනවා. ඔහුගේ පුතු ගයාන් පෙරේරා ඔහුවත් හැමෝම හදුනනවා. ඩෑඩි බෑන්ඩ් එකෙන් ලංකාවේ තරුණියන්ගේ සිත් සොරාගත් යෞවනයා. පියාගේ අභාවයෙන් පසු ඔහු ලංකාවට ආවා.
ඔහු දැන් අලුත් ගීතයක් නිර්මාණය කරලත් තියෙනවා. නැවතත් ඔහු සංගීත ගමන යන්න සුදානම් ඒ වගේම ඔහුගේ ජිවිත ගමනත් වෙනස් වෙලා. ඔහු දැන් පෙම්වතෙක්. සුරූපී පෙම්වතියක් ඔහුට ඉන්නවා. ඔහු කියන්නේ ඔහුට 36යි එයාට 22යි කියලා. ආදරයට ඉතින් වයස බාධාවක් නෙවෙයිනේ. ඇය නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයතු කරනවා. ඇය තමයි සෙලිනා කුරේ. ඉතින් මේ දෙන්නා ආදරයෙන් ඉන්නවා දැකගන්නත් ලැබෙනවා.
ඉතින් පෙම්වතිය තවම ඉගෙන ගන්න නිසා දැන්ම විවාහය ගැන නම් හිතලා නැහැ කියලා. එයා තම පොඩියි කියලයි ගයාන් කියන්නේ.
Leave a Comment