Gossip

මට මගේම කාර් එකක් ගෙයක් ඉඩ කඩම් සහ සල්ලි තියෙනවා.

සංජානා ඔනලි ගමාරච්චි කියලා කියන්නේ ලංකාවේ ඉන්න අතිශය ජනප්‍රිය චරිතයක්. ඇය රංගන ශිල්පිනියක්. ඒ වගේම නිරූපන ශිල්පිනියක්. නර්තන ශිල්පිනියක් නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. මේ දිනවල ඇය දිවිතුරා ටෙලි නාට්‍යයේ ටීනා ගේ චරිතයෙන් දැකගන්න ලැබෙනවා. ටිනාගේ චරිතයට ඇය උපරිම සාධාරණයක් කරනු ලබනවා.දඟකාර කටකාර හුරුභුටි ඇයට හැමෝම ආදරය කරනවා.

සංජානා මෑතකදී සිය ආදරණිය පෙම්වතා සමගින් විවාහ ගිවිසගනු ලැබුවා. ඔහු සිටින්නේ විදෙස්ගතව. ඔහු ව්‍යාපාරිකයෙක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ ඒ වගේම ඔහු ගායකයෙක්. ඉතින් සල්ලිකාරයෙක් බැඳගෙන වගේ කතා පතුරුවල තිබුනා .සංජානා ඒ කාතා වලට දුන්නේ මේ වගේ පිළිතුරක්.

“සාමාන්‍යයෙන් පවුලක් පෝෂණය කරන්න පුළුවන් මනුස්සයෙක් කසාද බැඳගත්තොත් හදිසියේ අනාගතේ දවසක හස්බන්ට හරි මට හරි මොකක් හරි ලෙඩක් හැදුණොත් ඔය මට පෝස්ට් හදන අයවත්, කමෙන්ට් කරන අයවත් එන්නෙ නෑ අපිට සල්ලි දීලා ඔයා මේ ඉන්ජක්ෂන් එක ගන්න, මේ බෙහෙත් ටික ගන්න කියන්න. ඒක හින්දා මම කියන්නෙ අපි කෙනෙක් හොයා ගනිද්දි බොරුවට දුක් විඳින්න කෙනෙක් හොයාගන්නෙ නැතුව සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එක තමයි හොඳම.. මට පෝස්ට් හදන අයගෙන් මම අහන්න කැමතියි ඔයාලා මොනාද මං ගැන දන්නේ කියලා. මටම කියලා කාර් එකක්, මටම කියලා ගෙයක්, මටම කියලා ඉඩම් කඩම් තියෙනවා නම්, මගේ පොතේ සල්ලි තියෙනවා නම් මම කොහොමද බඳින කෙනා ළඟට නිකන් ගියේ. පෝස්ට් හදන්න කලින් ඕවා ගැනත් හිතලා බලන්න..”

Leave a Comment