Gossip

මට බය වයිෆ් මට බනින සද්දේ පිටට ඇහෙයි කියලා තීක්ෂණ අනුරාධ කියයි.

ගායන ක්ෂේත්‍රයේ ඉන්න ආදරණිය චරිත බොහොමයක් ඉන්නවා. ලංකාවේ ඉන්න දක්ෂ කඩවසම් ජනප්‍රිය ගායකයෙක් තමයි තීක්ෂණ අනුරාධ කියලා කියන්නේ. ඔහු හරිම සුහදශීලි චරිතයක් වගේම නිතරම විනෝදයෙන් කාලය ගත කරන කෙනෙක් කියලා කිවුවොත් නිවැරදියි. ඔහුට රසික රසිකාවියන් ආදරය කරන්නේ ඔහුගේ නිහතමානී ගතගුන නිසාවෙන්මයි. ඔහුගේ ගීත ඉතාමත් මිහිරියි වගේම ඒ ගීත රසිකයන් ආදරයෙන් වැලද ගත්තා.

තීක්ෂණ අනුරාධ සිරස සුපර් ස්ටාර් හරහා බිහිවූ තරුවක් ගායකයෙක්. ඔහු සිරස සුපර් ස්ටාර් තරගාවලියේ අවසන් 10 දෙනා දක්වා පැමිණ ඉන් ඉවත්වෙනවා. ඉන් අනතුරුව අධ්‍යාපන කටයුතු හදාරලා සංගීතයෙන් ඉදිරියට එන්න ඔහු කටයුතු කරනවා. ඔබ තරම් , සායම් කිරිල්ලි , ආදර පුතේ වැනි ගීත විශාල ප්‍රමාණයක් ඔහුගේ දැඩි ජනප්‍රියත්වයට ලක්වුනා කියලා කියන්න පුළුවන්. ඔහු දැන් විවාහකයි. 2005 වසරේදී ඔහුගේ පෙම්වතිය වූ තරුණිය තමයි ඔහුගේ බිරිඳ වෙන්නේ. ඉතාමත් ආදරයෙන් සතුටෙන් ඔවුන් කාලය ගත කරනවා.

ඔහු දෙදරු පියෙක්. පුතුන් දෙදෙනෙක් ඔහුට ඉන්නේ. ඉතින් ගෙදර ඉන්න හැමතිස්සෙම පුතාල දෙන්න එක්ක සෙල්ලම් කරන එකම තමයි එයාගේ වැඩේ කියලා බිරිඳ කියා සිටියේ. සෙල්ලම් වතුර විදින තුවක්කු ගෙනාවා. පොඩි එක්කෙනාට ඒවායින් සෙල්ලම් කරන්න තේරෙන්නේ නැහැ කමක් නැහැ කියලා ගෙන්වා ඒවායින් සෙල්ලම් කරන්නේ එයා. පුතාලට වඩා සෙල්ලම් කරන්නේ එයා. කරදරයක් නැහැ. මේ ආදරණිය යුවල දවසකට දෙතුන් පාරක් රණ්ඩුවෙන්වා කියලත් ඔවුන් කිවුවා. ආයෙම යාළුවෙනවා. පොඩි පොඩි දේවල් වලට ඇදුමක් ගලවලා පුටුව උඩ දාන ඒවාට ඒ වගේ දේවල් වලට තමයි ඉතින් රණ්ඩු වෙන්නේ. මට වෙලාවකට බය මෙයා මට බනින සද්දේ අනිත් අයට ඇහෙයිද කියලා. වෙලාවට ඇහෙන්නේ නැහැ කියලයි තීක්ෂණ කිවුවේ,

ඉතින් මේ වගේ සුන්දර මතක එක්ක තමයි ඔවුන් ජිවත් වෙන්නේ. බිරිඳට තීක්ෂණ ගැන තියෙන ලොකුම ප්‍රශ්නේ ඇයි දවල් වෙනකන් නිදාගන්නේ කියන එක. එතකොට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරක්. මම යාළුවො ගොඩක් ආශ්‍රය කරන්නේ නෑ එයාල එක්ක ට්‍රිප් යන්නේ නැහැ. සුරාව පාවිච්චි කරන්නේ නෑ. මම ගෙදරම ඉන්න කැමති කෙනෙක්. මම මෙයාල එක්කමයි ඉන්නේ. ඉතින් මම නිදහසේ ඉන්නේ නිදගද්ද්දී ඉතින් මම දවල් වෙනකන් නිදාගන්නවා. ඒක වැරදිද. මට හිටගෙන වුනත් නිදාගන්න පුළුවන් විනාඩි පහෙන් නින්දන් යනවා, ඉතින් මේ පුංචි කැදැල්ලේ සියලු පැතුම් ඉටුවේවා කියා අප ප්‍රර්ථනා කරනවා.

Leave a Comment