Gossip

මට දැන් 26යි. දැන් ලොකුයි. තාත්තා කියන්නේ ඇඟ ලොකු වුනාට මොලේ වර්ධනය ටිකක් අඩුයි කියලා

සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතා බහට ලක් වෙන කෙනෙක් තමයි සංජානා ගමාරච්චි කියන්නේ. ඇය මොන කිව්වත් ඒ හැම දේටම ගොසිප් එකක් වදිනවා කියලා සංජානා දන්නවා. ඉතින් කාගෙවත් විවේචන වලට බය නැතිව තමන්ගේ ගමන සතුටින් යන කෙනෙක් තමයි සංජානා කියන්නේ.

පුංචි තිරයේ විවිධ චරිත මවන සංජානා මේ දිනවල හිරු නාලිකාවේ ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ ටීනා විදියට අපි අතරට එනවා. ඒවගේම ඇගේ විවාහ ගිවිස ගැනීමත් මෑතකදී අපිට දැක ගන්න ලැබුණා. විවාහය ලබන අවුරුද්දේ කරන්න සූදානමින් ඉන්න සංජානා පසු ගිය දිනකදි ඇගේ උපන්දිනය සමරලා තිබුණා.

කලා ලොවේ තරු පායපු උපන්දින සාදයක් සංජානා හැමෝමත් එක්ක සැමරුවා. ඒ වගේම ඇය උපන්දිනය වෙනුවෙන් ලස්සනම ලස්සන ෆොටෝ ශූට් එකකුත් කරලා තිබුණා. ඉතින් 26වැනි උපන්දිනය සමරපු සංජානාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

” මේ මගේ 26 වැනි උපන්දිනේ. දැන් මම ලොකුයි. අපේ තාත්තා කියන්නේ ඇගනම් ටික ටික ලොකු වෙනවා ඇග වර්ධනය වුනාට මගේ මොලේනම් වර්ධනය වෙනවා අඩුයි කියලා. මමත් හිතන්නෙ ඒකනම් ටිකක් ඇත්ත කතාවක් කියලා.”

Leave a Comment