Gossip

මට ඕන නිලියක් වෙන්න. උපාධිය අරන් රට වටේ යන මධුහන්සි කියයි.

ලංකාවේ කාලෙන් කාලෙට එක එක මාතෘකා ඇතිවෙනවා, ඉතින් මේ දවස්වල ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය චරිතය තමයි මදුහන්සි හසින්තරා කියන්නේ, එහෙම නම කිවුවට ඔබ ඇය හඳුනන්නේ නැතිවෙන්න පුළුවන් නමුත් උපාදිය අරගෙන උපාදි ලෝගුව දාගෙන ලංකාව වටේම යන තරුණිය කියලා කිවුවොත් ඔබ ඇය හොඳින්ම හඳුනනවා, මොකද මේ වනවිට ලංකාවේ සමාජ ජාලා හරහා හැමෝගෙම අවදානය දිනාගෙන ඉන්නේ ඇය නිසා,

ඉතින් මේ විදියට ලංකාවේ හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ මදුහන්සි කියන්නේ කවුද කියලා අපි ටිකක් හොයලා බැලුවා, තරුණයන්ගේ ක්‍රෂ් එක වෙලා ඉන්න මදුහන්සි ඇයගේ උපාදිය සම්පුර්ණ කරලා තියෙන්නේ පේරාදෙණිය විශ්වවිධ්‍යාලයෙන්, ඇය උපාදිය අරගෙන තියෙන්නේ Animal Science අංශයෙන්, ඒ වගේම මදුහන්සි මිස් ශ්‍රී ලංකා තරඟයේ අවසන් දාසයදෙනා අතරටත් තෙරීපත්වුන සුරූපිණියක්,

කොළඹ අටේ දෙවි බාලිකා විධ්යාලයෙන් අධාපනය හදාරපු මදුහන්සි පදිංචි වෙලා ඉන්නේ කඩවත ප්‍රදේශයේ, මේ මදුහන්සි ලංකාවේ ජනප්‍රිය වුන පලවෙනි අවස්තාව නෙවෙයි ඇය මීට කලින් අරගලය කාලයේ ජනාධිපති මන්දිරය නරඹන්න ගිහින් කරපු පොටෝ ෂූට් එකක් නිසාත් හැමෝම අතර කතාබහට ලක්වුනා,

ඉතින් මදුහන්සි ගැන වැඩිදුර සොයා බලද්දී අපිට දැනගන්න ලැබුනේ ඇයගේ මීළඟ සිහිනය නිරූපන ශිල්පිනියක ලෙස කලාවට සම්බන්ද වෙලා රංගන ශිල්පිනියක් වෙන එක කියලයි, කොහොම වුනත් මේ වනවිට ලංකාවේම තරුණයන්ගේ ක්‍රෂ් එක වෙලා ඉන්න මදුහන්සිගේ අනාගත බලාපොරෝත්ත ඉක්මනට සැබෑ වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා,

Leave a Comment