Gossip

මගේ හරි නම පාතිමා රුක්ෂානා ෆයිරූස් මගේ තාත්තා මුස්ලිම් රුක්ෂානා කියයි.

කලා ලෝකයේ ආදරය දිනාගත් ජනප්‍රිය රනගන ශිල්පිනියක් තමයි රුක්ෂානා දිසානායක කියලා කියන්නේ ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. හරිම දක්ෂ තරුණියක්. ඕනෑම චරිතයකට උපරිම සධාරණය ඉටුකරන්න ඇය කටයුතු කරනවා. ඇය දක්ෂ නරතන ශිල්පිනියක් වෙනවා.ඇය නිරූපන ක්ෂේත්‍රයටත් සම්බන්ධයි. ඇය මනාලිය ලෙස හැඩගැන්වූ අවස්ථා ප්‍රමාණය අති විශ්ස්ස්ලයි ඒ බව ඇය නිතරම කියනවා. මංගල ෂුට් සදහා ඇයට සුවිශේෂී ඉල්ලුමක් තිබෙනවා කිවුවොත් නිවැරදියි.

රුක්ෂානා නිල පබළු ටෙලි නාට්‍යයේ රේෂ්මාගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඒ නැන්දා කෙනෙකුගේ හරිතය්කට. තවමත් තාරුණ්‍යයේ ඉන්න ඇය ඇයි නැන්දා කෙනෙක්ගේ චරිතයක් රගපාන්නේ කියන ප්‍රශ්නය බොහෝ දෙනෙක් ඇයගෙන් අසන බවයි ඇය කියන්නේ. කරන්න දෙයක් නෑනේ. අපිට ලැබෙන චරිතයනේ අපි රගපාන්න ඕන.ඇත්තටම මම ඒ චරිතයට ආස නැහැ. අපි කැමති චරිත නිතරම ලැබෙන්නේ නැහැනේ. ඒත් අපේ වයසට වඩා වැඩි චරිත කරනකොට අපිට ලැබෙන්න තියෙන අවස්ථා අඩු වෙනවා කියලයි ඇය කියන්නේ.

ඇය කොළඹ ඉතාලිය ටෙලි නාට්‍යයේ දැකගන්නත් පුළුවන්. එක දිගට වැඩ හම්බවෙන්නත් වාසනාව තියෙන්නත් ඕන. දක්ෂතාව තියෙන්නත් ඕන. මට ඒ දෙකම උපරිමයෙන්ම නැහැ කියලා මම හිතනවා. සමනය ජිවිතයේ මට කිසි දෙයක් වාසනාවට ලැබිලා නැහැ. මගේ පවුලේ ඉන්නෙත් මමයි අම්මයි මල්ලියි තාත්තයි. එයා මන් රගපානවට මුලදී අකමැති වුනා. මගේ තාත්තා මුස්ලිම් ජාතිකයෙක්. එයාලගේ සංස්කෘතියේ දේවල් නිසා තමයි තාත්තා එහෙම අකමැති වුනේ. අම්මා රගපානවට කැමතියි. එයා තමයි ඒවාට උදවු කරන්නේ. අම්මා කියන්නේ තමන්ගේ සතුට කොතනද ඒ දේ කරන්න කියලා. පස්සේ තාත්තා එකට විරුද්ද වුනෙත් නෑ. දැන් දෙන්නම කියන්නේ මොන රැකියාව කරත් තමන්ගේ ගුරව්‍ය රැකගන්න කියලා.

මම ආගම දෙකම් අදහනවා. පන්සල් යනවා. කෝවිල් පල්ලි යනවා. ආගම ජාතිය කියන්නේ මිනිස්සු හදාගත්තු දේවල්. මගේ හරි නම පාතිමා රුක්ශානා ෆයිරූස් කලාවේදී පහසුවට රුක්ශානා දිසානායක කියලා නම වෙනස් කරගත්තේ. දිසානායක කියන්නේ අම්මගේ වාසගම. මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් නර්තන උපාධිය හදාරලා ඉන්නේ. ගුරුවරියක් වෙන්න අසවේ ඉන්නවා. දැන් ඩාන්සින් ඇකඩමි එකක් පවත්වාගෙන යනවා. මට ආදරයක් තියෙනවා. ඒත් දෙපැත්තේම ගෙවල් වලින් අකමැතියි ඒත් හැමදේම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා කියලා ඇය කියා සිටියා.

Leave a Comment