Gossip

මගේ ලොකු පුතාට පේෂල ආදරේ කරේ නැත්නම් මම එයාව බදින්නෙ නෑ.

නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් විදියට කාගේත් ආකර්ෂණය දිනා ගත්ත ඇය පූර්නිකා පීරිස්. මීට වසර ගණනාවකට කලින් සිටම කලාවට ඇවිත් මේ ක්ශේෂ්ත්‍රය තුළ විවිධ දක්ෂතා ඉදිරිපත් කරපු කෙනෙක් තමයි ඇය. රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය වගේම දක්ෂ නිලියක් වන චතුරිකා පීරිස් සහ පූර්නිකා පීරිස් කියන්නේ සහෝදරියන්.

මේ විදියට අපි කවුරුත් දන්න පූර්නිකා පීරිස් පළමු විවාහයෙන් වෙන්වෙලා මේ වන විට ජනප්‍රිය නිවේදිකාවක් වගේම තබ්ලා වාදකයෙක් වන පේෂල මනෝජ් සමගින් විවාහ වෙලා ඉන්නේ. හරිම සතුටින් ජීවත් වෙන පූර්නිකත් පේෂලත් මේවන විට උතුම් මව්පියන්. ඉතින් ඒ සුන්දර අත්දැකීම ගැන පූර්නිකා පීරිස් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මගේ පළවෙනි විවාහය අසාර්ථක වුණ බව කවුරුත් දන්නවා. ඉතින් මගේ පළමු විවාහයේ දරුවා තමයි ආදිත්‍ය. අපේ ගෙදරින් කිව්වා දෙබනි කසාදයකට යන්න එපා දරුවා හදාගෙන ඉන්න කියලා. ඒත් මම එහෙම තනියම ඉන්නකොට මිනිස්සු එක එක කතා කියන නිසා මම පේෂලව විවාහ කරගත්තා. නමුත් මම පේෂලට ආදරේ කරා
කියලා ඔහුව විවාහ කරගන්නෙ නෑ මගේ පුතා ආදිත්‍යට බැලුවෙ නැත්නම්.

ඊට පස්සේ අපි දෙන්නා තීරණය කලා දරුවෙක් හදන්නැතුව ආදිත්‍යගෙ වැඩ කරගෙන ඉමු කියලා. ආදිත්ට කවුරු හරි ඉන්න ඕන නිසා ආයේ බෙබෙක් හදන්න තීරණය කලා. අබිමන්‍යු ආවට පස්සේ ආදි එයාට ගොඩක් ආදරෙයි. මම හිතන්නේ ආදිත්‍යගේ අංක එක සහ එයා ජීවත් වෙන්න ඉන්න කැමතිම කෙනා පේෂල. ඒ තරමට එයා පේෂලට ආදරෙයි. පේෂලත් එහෙමමයි. මම හරි කැමති පේෂලගෙයි ආදිගෙයි තියෙන බොන්ඩ් එකට.

මට පොඩි පුතා හම්බවෙන්න ඉන්නකොට මම ටිකට් කපලා ගෙදර එනකම්ම ආදි මගෙ ළගින් හෙලවුනේ නෑ. මල්ලි එනකම් පුදුම ආසාවකින් බලන් හිටියේ. දරුවට ඉන්න සුදුසු වාතාවරණයක් පවුල තුළ නැත්නම් මමනම් කියන්නේ ඒ දෙන්නා වෙන් වෙන එක හොදයි. ඒ වුනාට උපරිමයෙන් වෙන් වෙන්නැතුව පවුල රැක ගන්න බලන්න ඕන. මම අදටත් අභිමන්ට කිරිදෙනවා. මගේ ඩොක්ටර් කිව්වෙම මව් කිරි දෙන්න කියලා.”

Leave a Comment