Gossip

මගේ බුරියේ සතේ කාසියක් ගැටගලා මම මිස් ශ්‍රී ලංකා වෙනවා කිවුවා. උදාරි කියයි

උදාරි වර්ණකුලසුරිය කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියක්. ඒ වගේම ඇය නිරූපන ශිල්පිනියක්. ලංකාවේ රිදී තිරය එහෙමත් නැතිනම් සිනමාවේ ආදරණිය චරිතයක් තමයි ඇය. ලාංකීය සිනමාවට නැතිවම බැරි නිලියක් ලෙස ඇය හැදින්වුවාට වරදක් නැත. ඒ තරමටම ඇයගේ රණගනය මෙරට සිනමාවට වටිනවා. ඇය විවාහයෙන් පස්සේ ලංකාවෙන් යනවා. ඒ සිංගප්පුරුවට සැමියා සහ දියණිය සමගින් එහෙ කාලයගත කරනවා. පසු කාලයේ තමයි ඇය ලංකාවට එන්නේ පැමිණ අවුරුදු එක හමාරක පමණ කාලයක් ලංකාවේ රැදී සිටි බවයි ඇය කියා සිටියේ. නැවතත් ඇය සැමියා සහ දරුවා ලගට පිටත්ව ගියා.

ඇය ලංකාවේ ගත කරපු වසර එකහමාරක කාලය ඇතුලත සිනමා නිරමාණ අටකට රංගනයෙන් දායක වුනු බවයි ඇය කියා සිටියේ. දැන් ටිකක් සැනසීමෙන් නිදහසේ සතුටින් ගෙදර අය එක්ක සිංගප්පුරුවේ ගෙදරට වෙලා ඉන්නවා කියලා තමයි උදාරි කියන්නේ. දෙවැනි යුද්ධය, කවුරුවත් දන්නේ නැහැ, ආසු, මිදුණු විශ්වය, ක්ෂිර සාගරය කැලබින, දෙවි සම්බුලා වැනි සිනමා නිරමාණ රැසකටම රංගනයෙන් දායක වීමට ඇයට හැකියාව ලැබුනා. ඒ චිත්‍රපට ඉදිරියේදී දැකගන්න පුළුවන් කියලයි ඇය කියන්නේ. ම හිතන්නේ රංගනය කියන්නේ ප්‍රගුණ කරන්න ඕන දෙයක් ඇය කියන්නේ අන්තර් ජාතික වශයෙන් අනුමත කල රංගන පුහුණු පාසලක් අපට තියෙන්න ඕන කියලා.

මම රංගන ශිල්පිනියෙක්, රූ රැජිනක් වෙන මගේ තාත්තගේ හීනයක්. මම චුටිම කාලෙත් එයා ඒ වෙනුවෙන් හිනා දැකලා. මගේ පෙකෙනිය කපලා බුරිය උඩට එද්දී සතයේ කාසියක් ගැටගහලා තාත්තා කියලා තියෙනවා මගේ දුව ලොකු වුනාම මිස් ශ්‍රී ලංකා කරනවා කියලා. ඒ නිසා 2007දී මම එකට ඇප්ලිකේෂන් දැම්මා. එකේ අනු තරඟ අංශ කීපයක් දින්නා. ඒත් 2015දී මම මිස් ශ්‍රී ලංකා වුනා.තාත්තාගේ හීනය හැබෑවුනා.

මට හස්බන් මුණගැහෙන්නේ මට අවුරුදු 19දී. පායා එන්න හිරු සේ චිතරපටයේ රගපාන කාලේ. ඒක තිරගත වෙද්දී මම විවාහ වෙලා. ප්රෙක්ෂයන් අතරට යනවිට මම විවාහකයි. ඔහු වෘත්තියමය වෛද්‍යවරයෙක්. මගේ රූගත කිරීම් නිසා දියණියත් බලාගෙන් අම්ම නැති අඩුව ඔහු දියණියට නොදැනෙන්න බලාගන්නවා. දැන් දුවට අවුරුදු නවයක්.එයා ශෙනර්යා උමේලි විජේරත්න. අවුරුදු 7ක් වෙනකන්ම මම එක්ක ලංකාවේ තමයි එයා හිටියේ. අන්තර්ජාතික වශයෙන් නමක් දිනාගන්න මම ආසයි කියලයි උදාරි කියා සිටියේ.

Leave a Comment