අනුෂා දමයන්ති. මෙයාව නොදන්නා කෙනෙක් මේ ලංකාවේ නැති තරම්. අනුෂා කියන්නේ බොහෝ දක්ෂ යුවතියක්. අනුෂා කියන්නේ හරිම සුන්දර නිහතමානී ආදරණිය චරිතයක්. පුංචි තිරය සිනමාව මේ දෙඅන්ශයටම නැතුවම බැරි කෙනෙක්. ඒ වගේම නර්තනයට උපරිම දක්ෂ කෙනෙක් කියලා කිවුවත් හරියටම හරි. අනුෂා ගැන කාලයෙන් කාලයට කතාබහට ලක්වෙනවා. විටෙක ඇය දේශපාලන වේදිකාවේ පවා දැකගන්න ලැබෙනවා. ඇය තවම තනිකඩ ජිවිතයක් තමයි ගෙවන්නේ නමුත් එය නුදුරේදීම වෙනස් වෙන්නයි යන්නේ.
අනුෂා දමයන්ති කියන්නේ ජනප්‍රිය නිලියක්. ඒ වගේම තිරයේ පෙම්වතිය. ඒ වගේම සැබෑ ජිවිතයේ ඇය පෙම්වතියක් තමයි. වසර 10ක පෙම් කතාවක් ඇයට තියෙනවා. ඔහු බොඩි බිල්ඩර් කෙනෙක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම අනුෂාගේ රසිකයෙක් කියලා තමයි අනුෂා කියන්නේ. ඉතින් මේ වසරේදී විවාහය සිදුවෙනවා කියලා තමයි ඇය කියන්නේ. එය බොහෝ දුරට චාම් විවාහ උත්සවයක් වෙයි කියලා තමයි ඇය කියන්නේ.
ඉතින් ඇයගේ ඒ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.
Leave a Comment