Gossip

බෙහෙත් නැති වුනොත් ඉන්න අමාරුයි. අසනීප තත්වය ගැන කියන නිරෝෂා විරාජිනී.

අපේ සංගීත ක්ෂේත්‍රයේ සිටින සුන්දරම හඬක් තිබෙන ප්‍රවීන ගායිකාවක් තමයි නිරෝෂා විරාජිනී කියන්නේ. ඇයගේ මියුරු හැඳින් ගයනා කරන ගීත ඇසීමට අකමැති කෙනෙක් ඉන්නවා කියලා නම් හිතන්නත් බැහැ. නමුත් පසුගිය දවසක ඇය ගැන අසුභ පුවතක් අපට අසන්නට ලැබුනා. ස්වර්ණවාහිනී නාලිකාවේ හිත ඉල්ලන තරු වැඩසටහනට එකතුවූ අවස්තාවක නිරෝෂා කියලා තිබුනේ මෙහෙම කතාවක්.

මට බරපතල අසනිපා තත්වයක් තියනවා. ඒත් එක මම වැඩිය ගණන් ගත්තේ නැහැ. ටික දවසක ඉඳලා කොන්දේ අමාරුවක් තියනවා. මම හිතුවේ සාමාන්‍ය දෙයක් කියලා. ඒ නිසා පොඩි ප්‍රතිකාර කරමින් හිටියා. ඒත් කාලයක් යනකොට ඒ තත්වය ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගත්තා. මගේ යාළුවොත් අහනවා තාමත් ඒක හොඳ නැද්ද කියලා. ඊටපස්සේ දකුණු අතත් හිරිවටෙන්න ගත්තා. වාහනේ ඩ්‍රයිවින් කරන්න බැරිවුනා, තේ කෝප්පේ වත් අල්ලන්න බැරි තරම් අමාරු වුනා.

පස්සේ ටෙස්ට් කරලා බලද්දී තමයි දැනගත්තේ කශේරුකාවේ ලොකු ප්‍රශ්නයක් තියනවා කියලා. එහෙම වෙලා තියෙන්නේ මම කාලයක් වැරදි විදියේ ඉරියව් වලින් ඉඳලා තිබුණු නිසා එහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් දවසගානේ ප්‍රතිකාර කරනවා. මම දැන් ඉන්නේ සම්පුර්ණයෙන්ම බෙහෙත් වල බලෙන්. බෙහෙත් වල පවර් එක අඩු වෙද්දී නැවතත් අමාරු වෙනවා. එහිදී ඇය විසින් ඒ වගේ කතාවක් තමයි පවසලා තිබුනේ. ජනප්‍රිය ප්‍රවීන ගායිකා නිරෝෂා විරජිනිට අපිත් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.

01

02

Leave a Comment