Gossip

බැඳලා අවුරුද්දකට පස්සේ මම හනිමුන් ගියේ. රෝස කිරිල්ලිය ඕෂදී කියයි.

ලස්සන් අකියන්නේ උපතින් ගෙන එන දෙයක් ඉයලත් කියනවා. ඒ වගේම උපතින් ගෙනෙන ලස්සන තව තවත් වැඩි කරගන්න කාන්තාවන් බොහෝ දේ කරනවා. ලස්සන කාන්තාවකට ආබරණයක් කියලා කිවුවත් නිවැරදියි. හැම පිරිමියෙක්ම බලන්නේ ලස්සන කාන්තාවන් දිහා. තමන්ගේ බිරිඳ වුනත් ලස්සනට ඉන්නවට ඕන පිරිමියෙක් කැමතියි කියන්නේ ඒ නිසා. කෙනෙක්ව ආකර්ෂණය කර ගන්න ලස්සන මහගු පිටුවහලක් වෙනවා. කලා ක්ෂේත්‍රයේ ලස්සන සුන්දර අය බොහොමයි.

ඒ අතරින් සුවිශේෂී ලස්සනක් හිමි තාරුණ්‍යයේ ආකර්ෂණය තවමත් නොඅඩුවම ලබන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඕෂධී බුද්දිනි හේවාමද්දුම කියලා කියන්නේ. ඇයටම ආවේනික ඉතාමත් සුන්දර ලස්සනක් තමයි ඇයට තියෙන්නේ. ඇයගේ රෝස පැහැය නිසාම ඇය කලා ලෝකයේ හදුන්වනු ලබන්නේ රෝස කුසුම කියලා. හරිම ලස්සන ආදරණිය ඉතාමත් නිහතමානී තරුණියක් තමයි ඇය.

ඕෂධී කාලයක් පුරාවටම ලංකාවේ කලා කටයුතු වලට සමබන්ධ වුනා. විවාහයට පෙර සිටම ඇය ලංකාවේ ජනප්‍රිය වගේමකාර්යබහුල නිලියක්. ඒ වගේම නිරූපිකාවක්.ඇය නිරූපන තරගවලින් ජයග්‍රහණය පවා ලබාගත්තා. ඒ කාලේ ඇය කාර්යබහුල චරිතයක්. ඇයට ඒ කාර්යබහුල බව නිසාම කසාද බැඳලා අවුරුද්දක් යනකම්ම හනීමුන් යන්න නොහැකි වුනා කියලත් ඇය වරෙක කියා සිටියා. කොහොම නමුත් දැන් ඇය කාලවේ නිරන්තර පෙනෙන චරිතයක් නෙවෙයි.

මේ දිනවල ඇය සිහින ගෙනන කුමරියේ ටෙලි නාට්‍යයේ ෂෙරින්ගේ චරිතයට රණග්නයෙන් දායක වෙනවා. නිවේදනයට, නර්තනයට ඇය ඉතාමත් දක්ෂ තරුණියක්. ඇය ආදරණිය අම්මා කෙනෙක්. දියණියක සහ පුතෙකු ඇයට සිටිනවා. ඒ වගේම ඇය දේශපාලනයට සම්බන්ධවද වැඩ කටයුතු කරනවා. විශේෂයෙන්ම සමාජ සත්කාරක ක්‍රියාවන් රැසක් මේ වන විට ඇය විසින් සිසුකරනු ලබනවා. ඉතින් කලා ලොව හදකරන රෝස කුමරියගේ සියලුවැඩ කටයුතු සාර්ථක වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment