කාලෙක සිටම ජනප්‍රිය රංගන ශිල්පිනිය විදියට අපේ හදවතේ ලැගුම්ගෙන සිටි දක්ෂ රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියන්නේ. පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත් චතුරිකා ජනප්‍රිය නිවේදිකාවක් වන පූර්නිකා පීරිස්ගේ සහෝදරියයි. දක්ෂ රංගන ශිල්පියෙක් වන ගයාන් වික්‍රමතිලක සමගින් විවාහ වෙලා ඉන්න චතුරිකා පීරිස්ට සමාජ මාධ්‍ය හරහා විවිධ විවේචනයන්ද එල්ල වනවා.
ඉතින් මේ වන විට ආදරණීය චූටි දුවකගේ මවක් වන චතුරිකා තවමත් සුන්දර යුවතියක්. ඉතින් ගයාන් චතුරිකා ආදරණීය කැදැල්ලට එකතු වුණේ පුංචි ආරාධනා දෝනියි. මවක් වීමේ ප්‍රථම අත්දැකීම ගැන චතුරිකා පීරිස් අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” ආරාධනා දෝනි අපි ළගට ආවේ අහම්බයකිනුත් නෙමෙයි. නමුත් අපි ප්ලෑන් කලෙත් නෑ. කොහොමහරි මට කවදාවත් ආරාධනා අපිට ලැබුණු එක ගැන කවදාවත් කරදරයක් වුණේ නෑ. එයා ලැබෙන්න ඉන්නකොට මම ළගින්ම ගයානුත් හිටියා. එයා මම ළගටම වෙලා හිටියා. ඒ වගේ අවස්ථාවකදී එහෙම කෙනෙක් ළග ඉන්න එක ලොකු ශක්තියක්. ඇත්තටම වචනෙන් කියා ගන්න බැරි තරමේ ලොකු හයියක්. ඉතින් ගයාන්ට තමයි මුලින්ම බබා දුන්නෙත්. එයා ඊට පස්සේ බලලා මම ළගින් තිබ්බා.”
Leave a Comment