Gossip

බඳින කෙනාගේ වයස මට අදාළ නෑ. චුලක්ෂි කියන කතාව

සිනමා රංගන ශිල්පිනියක වගේම දක්ෂ නිරූපිකාවක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ, ලෝකේ හොඳම නිරූපිකාවක විදියට කිරුළු පැළඳි චුලක්ෂි සිනමාවට අවතීර්ණ වෙන්නේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරපු දේදුනු ආකාසේ සිනමාපටය හරහා, කොහොම වුනත් සිනමාව හරහා විතරක් ප්‍රේක්ෂකයන් හමුවට එන චුලක්ෂි සමගයි අද අපේ කතාබහ, චුලක්ෂි කොහොමද ජීවිතේ මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල සිනමාපටයක ෂූටින් පටන් අරගෙන තියෙන්නේ, ඒ වගේම කලින් කරපු ෆිල්ම් එකක ඩබින් කරගෙන යනවා, ඒ වගේම බාර අරගෙන තියෙන ෆිල්ම් එකක චරිතයට සූදානම් වෙනවා, ඕවා තමයි අලුත් තොරතුරු”

චුලක්ෂි නිතරම කළා ලෝකය හරහා දැකගන්න පුළුවන් චරිතයක් නෙවෙයි ඉතින් චුලක්ෂි කියන්නකෝ බලන්න ඔයා චරිත තෝරාබේරා ගන්නේ කොහොමද..? ”මම ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නේ නෑ, මට නිර්මාණ ගොඩකට ආරාධනා ලැබෙනවා හැබැයි මම ඒ අතරින් හොඳම ඒවා විතරයි තෝරාගන්නේ, මට ලැබෙන චරිතය ලොකුද පොඩිද කියන එක මට අදාළ නෑ හැබැයි මගේ චරිතය ගුණාත්මක එකක් වෙන්න ඕන, එහෙම නැත්නම් මම ඒ චරිතය ප්‍රතිෂේප කරනවා”

චලක්ෂි කොහොමද ඔච්චර ලස්සන වෙලා තියෙන්නේ ”එහෙම විශේෂයක් නෑ හැබැයි මම ගොඩක් ලොකු කැපකිරීමක් කරලා තියෙනවා, මම ආස කෑම පවා මම කන්නේ නැතුව ජිම් ගිහින් තමයි මගේ මේ සිරුරේ හැඩය පවත්වාගෙන යන්නේ, මම ඒ වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කළා, ඉතින් මම වගේ සිරුරේ හැඩය පවත්වාගෙන යන්න ඕන නම් කරන්න තියෙන්නේ වෙලාවට කන්න, ජිම් යන්න, ආස ආස කෑම කන්න එපා ශරීරයට අවශ්‍ය කෑම විතරක් කන්න, ඒ කැපකිරීම කරන්න පුලුවන්නම් මම වගේ වෙන්න පුළුවන්”

චුලක්ෂි දැන් කලවයස එහෙම හරි නේද..? වයස යනවා කියලනම් මම කීයටවත් විවාහ වෙන්නේ නෑ, මම වයස දකින්නේ ඉලක්කමක් විදියට විතරයි, මම කිසිම දේකට හදිස්සි වෙන කෙනෙක් නෙවෙයි, මට විවාහයට වයස අදාළ නෑ, ඒ වගේම මම විවාහවෙන කෙනාගේ වයසත් මට අදාළ නෑ මට ඕන දැනෙන්න ආදරේ කරන කෙනෙක්, මොකද මම පටු විදියට හිතන කෙනෙක් නෙවෙයි, බලන් ඉමු, ඒ දේවල් හරියට වේවි”

Leave a Comment