Gossip

පුතුගේ ආදරයෙන් පිරුණු සජිත ඇන්තනිගේ පුංචි කැදැල්ල.

සජිත අනුත්තර ඇන්තනි. මොහු ගැන හැමෝම දන්නවා. ඔහු විටෙක නළුවෙක්, ගායකයෙක්, නිවේදකයෙක්, නිරූපන ශිල්පියෙක්. එකී මෙකි නොකී දක්ෂතා රැසකින් හෙබි ආදරණිය චරිතයක් තමයි සජිත අනුත්තර කියලා කියන්නේ. ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ ආදරණිය බාල පුතු තමයි ඔහු. ජැක්සන්ගේ තරුණ කාලය යලිත් සිහිපත් කරවන චරිතයක් ලෙසත් සජිතව හදුන්වන්න පුළුවන්. එයට හේතුව වෙන්නේ සජිත තුලින් ජැක්සන් ඇන්තනිව දක්නට ලැබීමයි.

එය ප්‍රේක්ෂකයන් ඔහුට බෙහෙවින් ආදරය කිරීමට තුඩුදුන් තවත් හේතුවක් වෙනවා. නාඩගම්කාරයෝ සරාගේ චරිතය හරහා. මුළු ලංකාවේම ජනප්‍රිය චරිතයක් වන්නත් ඔහුට හැකියාව ලැබෙනවා. ඔහු ආදරණිය නිහතමානී කලාකරුවෙක්. සජිත දැන් තාත්තා කෙනෙක්. ඔහුට පුංචි හුරතල් පුතෙකු සිටිනවා. ඔහුගේ පාළුව කාන්සිය මකන්න දැන් පුතු සිටිනවා. නිවාඩු හැම මොහොතකම පුතු වෙනුවෙ කාලය වැය කරන්න සජිත අමතක කරන්නේ නැහැ. ඉතින් මේ වගකීම් එක්ක පිය පුතු සෙනෙහෙස මැද ඔහු ඉතාමත් සුන්දර ජිවිතයක් ගත කරනු ලබනවා.

Leave a Comment