Gossip

පුතා ලැබුනදාට වඩා සතුටක් මිනිබිරිය නිසා දැන් විදිනවා. සාරංගගේ අම්මා කියයි.

සාරංග දිසාසේකර කියන්නේ මුළු ලංකාවම දන්නා චරිතයක්. තාරුණ්‍යයේ ආදරය දිනාගත් කඩවසම් නළුවෙක් තමයි ඔහු. ගායකයෙක්, නිවේදකයෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙස ඔහු කටයුතු කරනු ලබනවා. ඒ වගම ඔහු දක්ෂ නරතන ශිල්පියෙක්. කාලවේ ලොකු ගමනක් එන්නට මේ වෙද්දී ඔහුට හැකියාව ලැබී තිබෙනවා. විශේශ්ස්යෙන්ම මවගේ සහ පියාගේ අබාශය ඔහුට නිතැතින්ම ලැබෙනවා. සරංගගේ මව තමයි තිලකා රණසිංහ කියන්නේ. ලංකාවේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් චරිතයක් තමයි ඇය.

ඇය මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටි සහ සිටින දැවැන්ත චරිතයක්. ගුවන්විදුලි නිවේදිකාවක් ලෙසින් ගමන ආරම්භ කර ඇය අද වන විට මුළු ලංකාවම දන්නා හදුනන කෙනෙක් බවට පත්වී හමාරයි. ජාතික රූපවහිනියේ පළමු නිවේදිකාව වන්නේද ඇයයි. ඒ කාලයේ ඉදලම අද වන තෙක්ම රුපවාහිනී නාලිකාවල වැඩසටහන් ඉදිරිපත්කිරීමේ වාසනාව මට උදාවෙලා තියෙනවා කියලයි සාරංගගේ මව කියා සිටියේ.

සැමියා නාරද දිසාසේකර ඔහු දක්ෂ ගායකයෙක්. ඔහුගේ නික්ම යාමත් සමග සාරංගව හදා වඩා ගනිමින් ඇය ආදර්ශවත් ජිවිතයක් ගත කරා. මව පියා වගේම සරන්ගත් ක්ෂේත්‍ර රැසකම දස්කම් දක්වන්නට සමත් වුනා. උනන්දුව සහ උත්සාහය නිසාම ක්ෂේස්ත්‍රයේ දිගු ගමනක් එන්න මට හැකියාව ලැබුනා.ඒ නිසා කරදරයක් නැතිව අද මම සැදෑ සමය ගත කරනවා.

තිලකා රණසිංහ මහත්මිය දැන් අම්මා කියන පදවිය වගේම ආච්චි කියන පදවියට උසස්වීම් ලබලා ඉන්නේ. ඒ සාරංගගේ කුළුදුල් දියණිය මෙලොවට් බිහිවීමත් සමග. ඇය ඒ ගැන කියන්නේ මෙවැනි කතාවක්. එක සුන්දර අත්දැකීමක්. මගේ පුතා ලැබුන දවසට වඩා සතුටක් මම මගේ මිනිබිරිය නිසා මම විදිනවා.අපේ චුටි සිගිත්තිය වෙනුවෙන් මම කවි නිර්මාණය කරනවා. මම ලබපු ලොකුම සතුට තමයි මගේ මිනිබිරිය. කියලා තමයි සරංගගේ මව කියා සිටියේ.

Leave a Comment