Gossip

පුතාල දෙන්නට නංගි බලන්න එන්න කිවුවා ඒත් එයාලා කැමති නැහැ. ගයාන් කියයි

ගයාන් වික්‍රමතිලක නොදන්නා කෙනෙක් නැති තරම්. එතරමටම ඔහු ගැන නිරන්තරයෙන්ම අහසන්නට වගේම දකින්නට ලැබෙනවා. ඒ වගේම කලා ලෝකයට නැතිවම බැරිචරිතයක් කියලා ඔහුව හැදින්වුවාට වරදක් නැත. ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් ඉටුකරන්න ඔහු දක්ෂයි. ඒවගේම ඔහු පුංචි තිරය පමණක් නොව සිනමාවේද ආදරණිය චරිතයක්. චරිතයකට උපරිමය කරන්න ඒ චරිතය තුල සැබෑවටම ජීවත්වෙමින් රංගනයේ යෙදෙන්න පුළුවන් අපූරු හැකියාවක් ඔහුට තිබෙනවා.

පෙම්වතාගේ චරිතය තාත්තාගේ චරිතය දාමරික චරිත ඕනෑම චරිතයකට ලැබෙන අබියෝගයක් ඔහු සාර්ථකව ජයගනු ලැබෙනවා. ගයාන් කියන්නේ තවමත් කඩවසම් නළුවෙක්. ඔහුට දැන් අවුරුදු 41ක්. ඔහු ඉතාමත් නිහතමානී චරිතයක් ඒ වගේම කියන්න තියෙන ඕනෑම දෙයක් කෙලින් කියන පොලවේ පයගහලා ජීවත්වෙන ආදරයෙන් ජීවිතය විදිමින් සතුටින් කාලය ගත කරන චරිතයක්.

මේ දිනවල නම් ගයාන් පෙන්නේ හැමොටම මැරයෙක් වගේ. වසන්ත එහෙම නැතිනම් ලොකු අයියා ලෙසින් තමයි කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ රංගනයේ යෙදෙන්නේ. ඒ චරිතයට හොද ප්‍රතිචාර ලබෙනවා. ඔහු දරු තිදෙනෙකුගේ පියෙක්. පුතුන් දෙදෙනෙකු සහ දියණියක සිටිනවා. පළමු විවාහයෙන් වෙන්වීමත් සමග පුතුන් දෙදෙනා පළමු බිරිඳ ලගද සිටිනවා. ගයාන් නැවතත් චතුරිකා සමග විවාහ වෙනවා වගේම ඔවුන්ට දැන් ආරාධනා දෝනි ඉන්නවා හරිම හුරතල් දියණියක්. ඒ වගේම පුතුන් දෙදෙනාටත් නිතිය හරහා කල යුතු යුතුකම් කරනවා කියලා ඔහු කියනවා. විවාහයක ඉන්න බැරිනම් ඉවත්වෙන්න ඕන. එතකොට එයා පව් දරුවෝ තනිවෙයි කියලා හිතලා එහෙමම හිටියොත් තව ප්‍රශ්න වැඩිවෙන එක විතරයි වෙන්නේ එහෙම හැගීම්බර වෙලා තීරණ ගන්න අමාරුයි.

අරාධනා සමග හරිම ආදරයෙන් තමයි ගයාන් ඉන්නේ ඒ චායාරුප සමාජ මධ්‍යයේ දැකගන්න පුළුවන්. පුතාලා දෙන්නට නංගි බලන්න එන්න කියලා කිවුවත් එයාලා ඒකට වැඩි කැමැත්තක් නැහැ කියලයි ගයාන් කිවුවේ. සමහර විට එයාලා ඉන්න වටපිටාව එක්ක වෙන්නැති එහෙම කරන්නේ කියලා ඔහු කිවුවේ. මම කැමතියි තාත්තෙක් විදියට එයාලා තුන්දෙනා එකට ඉන්නවා දකින්න. ඉස්සර ඔහු තරමක් දාමරික චරිතයක් වුනත් මම දැන් මගේ ජිවිතේ පරිස්සම් කරගන්න ආසයි ආරාධනා දෝනි නිසා කියල ඔහු කියා සිටියා. දේශපාලනයෙන් ඔහු ඉවත්වුනේද ඒ නිසා බවයි ඔහු කියන්නේ. මම දැන් නිදහසේ ඉන්නවා. චතුරිකා මට නිදහස දීලා තියෙන්නේ.

Leave a Comment