Gossip

පුංචි පැංචි ප්‍රමුදි ලොකු දුවගේ උපන්දිනය සමරමින් තැබූ ආදරණිය සටහන.

පුංචි පැංචි මතක අය බොහොම දෙනෙක් අදටත් ඉන්නවා. අදටත් පුංචි පැංචිට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. පුංචි පැංචි ප්‍රමුදි කරුනාරත්න කියන්නේ ලංකාවේ හැමෝම වගේ ආදරය කරන චරිතයක්. ආද්‍රනියම කෙනෙක් කියලා කිවුවොත් නිවැරදියි. ඉතාමත් නිහතමානී හැමෝම එක්කලා ආදයෙන් ජීවත්වෙන ඇය අදටත් ලංකාවේ ජනප්‍රියම චරිතයක්. ඉස්සර වගේ ඇය දැන් පුංචි තිරයේ දකින්න නොලැබුනත් අදටත් ප්‍රේක්ෂකයාගේ ආදරයනම් බිදුවක්වත් ඇය කෙරේ අඩුවෙලා නැහැ. ඒ තරමට ඇය වාසනාවන්තයි.

පුංචි පැංචි කිව්වට දැන් එයා ලොකුයි . දැන් එයාට අවුරුදු 30ක්. ඒ වගේම දෙදරු මවක්. අම්මා වගේම හුරතල් ලස්සන දියණියන් දෙදෙනෙක් ඇයට සිටිනවා. දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් කියන්නේ ලොකු ආඩම්බරයක්. කාලය කෙතරම් ඉකමනින් ගෙවිලා යනවද කියලා හිතාගන්නවත් බැරි තරම්. ඇය තවමත් ප්‍රේක්ෂකයාට පුංචි පැංචිම තමයි. දියණියන් දෙදෙනෙකුගේ වැඩත් ආදරණිය සැමියාගේ වැඩත් මේ හැමදෙඅම එක්ක තර,මක් කාර්යබහුල ජිවිතයක් තමයි ඇය ගත කරන්නේ

ඇයගේ ලොකු දුව එල්සා කියන්නේ හරිම හුරුබුහුටි දියණියක් වගේම හරිම සුරතල් දියණියක්. නංගි එක්ක හරිම ආදරයෙන් ඉන්න දියණියක්. ඉතින් ලොකු දෝනිගේ තුන්වෙනි උපන්දිනය ඊයේ යෙදී තිබුනා. ඒ වෙනුවෙන් ආදරණිය සටහනක් එක්කරන්නත් ප්‍රමුදි අමතක කරලා තිබුනේ නැහැ. ඒ මෙලෙසින්, ඔයා මාව සම්පුර්න කළා, ඔයා මට අලුත් ජිවිතයක් ලබාදුන්නා. ඔය දැන් මගේ හොදම මිතුරිය. මම ආදරෙයි ඔයාට මගේ පුංචි එල්සා.සුබ උපන්දිනක්.

ඉතින් පුංචි එල්සාට සුඅබම සුබ උපන්දිනක් වේවා කියා අපත් ප්‍රර්ථනා කරනවා. පුංචි දෝනිගේ ඉදිරි සියලු අධ්‍යාපන වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථකව කරගන්න ශක්තිය ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රමුදිගේ සියලු වැඩ ක‍ටයුතු සුබ වේවා කියා හදවතින්ම සුබ පැතුම් එක්කර සිටිනවා. ඒ වගේම එල්සාගේ තෙවැනි උපන්දිනය වෙනුවෙන් පුංචි සැමරුමක්ද සිදුකර තිබුනා. එල්සගේ ලස්සනම චායාරූප එකතුවක්ද ඒ තර තිබේ.

Leave a Comment