Gossip

පුංචි කුමාරයෝ තුන්දෙනෙක් ඉන්න ශිහාන් මිහිරංගගේ පුංචි පවුල.

ශිහාන් මිහිරංග කියන්නේ මුළු රටම ආදරය කරන චරිතයක්. විදෙස් රටවලත් බොහොමයක් දෙනා ඔහුට ආදරය කරනවා. තාරුණ්‍යයේ හදවත් දිනාගත් තරුව තමයි ඔහු. සිරස සුපර් ස්ටාර් හරහා බිහිවූ තරුවක්. රියැලිටි වලින් බිහි වූ හොදම ගායකයා ඔහු බව අවිවාදයකින් තොරව කියන්න පුළුවන්. එදා වගේම ඔහුට අදටත් තියෙන රසික ආදරයේ බිදුවක්වත් අඩුවෙලා නෑ. ඒ නිහතමානී කමට ඒ ආදරණිය බවට ඔහුට හැමෝම කැමතියි.

මේ වෙද්දී හිරු ස්ටාර් වේදිකාවේ විනිශ්චය වරයෙකු ලෙසද ඔහු කටයුතු කරනු ලබනවා. ශිහාන් කියන්නේ කෙලින් කතාකරන චරිතයක්. ඔහු දැන් තාත්තා කෙනෙක්. ඔහු වගේම කඩවසම් පුතුන් තිදෙනෙකු ඔහුට සිටිනවා. ඔහුගේ ආදරණිය බිරිඳ තමයි ඔහුට සිටින මහගු ශක්තිය වෙන්නේ. ජනප්‍රිය ගායකයෙකු වුවත් ඔහුගේ පවුලේ චායාරූප බොහොමයක් දැකගන්න ලබන්නේ නැහැ. ඔහුගේ චායාරූප වුවද සමාජ මාධ්‍යට මුදා හරින්නේ ඉතාමත් අඩුවෙන්. ඉතින් පුතුන් තිදෙනාගේ සහ බිරිඳගේ ආදර එක්ක ඔහු ඉතමත් සතුටින් ආදරයෙන් ජීවිතය ගෙවනවා.

Leave a Comment