Gossip

පියුමි බොතේජුගේ ආදරණිය පියා මෙලොවින් සමුගනී.

පියුමි බොතේජු කියලා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ආදරණිය චරිතයක්. ඇය නොහදුනන කෙනෙක් නැති තරම්. විකට රංගන ශිල්පිනියක් ලෙසත් ඇය කටයුතු කරනු ලබනවා. රංගන ක්ෂේත්‍රය තුල ආදරණිය චරිතයක්, නිහතමානී චරිතයක් ලෙසින් ඇය කා අතරත් ප්‍රසිද්දියක් උසුලා සිටිනවා. ඇය ඉතාමත් සුන්දර තරුණියක්. ඒ වගේම තනිකඩ ජිවිතයක් තමයි ඇය ගත කරන්නේ, මව්පියන් සමගින් ඇය ආදරණිය ජිවිතයක් ගත කරනවා.

පියුමිගේ ආදරණිය පියා ගැන හැමෝම වගේ දන්නවා. ඇයගේ ජිවිතයේ ශක්තිය ආදරණිය පියා බව ඇය නිරන්තරයෙන්ම පවසා සිටියා. ඉතින් ඇයගේ ජිවිතයේ ලොකුම ශක්තිය වූ ආදරණිය පියා දින කිහිපයක් පුරාවටම අසනීප තත්වයක් නිසාම රෝහල් ගතව ප්‍රතිකාර ගනු ලැබුවා.

නමුත් අවසනාවන්ත ලෙසින් අද දිනයේදී ඇයගේ ආදරණිය පියා මෙලොවින් සමුගනු ලැබුවා. එය පියුමිට වගේම පියුමිට ආදරය කරන හැමෝටම දුක්මුසු පුවතක් බවට පත්වුනා. අපි ආදරණිය පියාණන්ට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.

Leave a Comment