Gossip

පාරේ හිටපු පුංචි පැටවූ දෙන්නෙක්ට පියුමි හංසමාලි කරපු උතුම් දේ.

පියුමි හංසමාලි මේ නම ගැන බොහෝ දෙනා බොහෝ දෙනා බොහෝ කතා කියනවා. නමුත් පියුමි කියන්නේ උණුවෙන හදවතක් තියෙන ආදරණිය චරිතයක්. ඉතාමත් නිහතමානී ගතිගුණ තියෙන චරිතයක්. ඇය ලංකාවේ ඉන්න ප්‍රසිද්ද නිරූපිකාවක්. ඇයගේ විලාසිතා ගැන සමහරුන් විවේචන කලද. ඇය හදවතින් පොහොසත් මනුසත්කමින් පොහොසත් චරිතයක් බව මුළු ලංකාවම දන්නවා. පුංචි පුතෙකු ඇයට සිටිනවා. පුතු සමගින් ඉතාමත් ආදරණිය ජිවිතයක් ඇය ගත කරනවා.

ඒ වගේම වර්තමානයේ ඇය පෙම්වතියක්. පියුමි කියන්නේ දුප්පත් අහිංසක මිනිසුන්ට තමන්ට පුළුවන් විදියට උදවු කරන චරිතයක්. ඉතින් මෙවරත් ඇය පුංචි දුවනියන් දෙදෙනෙකුට උතුම් උදවුවක් සිදුකර තිබුනා. ඇය ඒ ගැන සමාජ මාධ්‍යට මෙලෙසින් සටහනක් එක්කර තිබුනා.

ඊයේ NAILS දන්නා යද්දී දැක්කා ඉදගෙන ඉන්නවා හරිම ලස්සන දුවලා දෙන්නෙක්.කෑම අරං දෙන්නද කියලා ඇහුවම හා කිවුවා. එක්කං ගියා ඕනේ කෑම ගන්න කියලා. ඉස්කෝලේ යනවද ඇහුවම ඔව් දැන් ගිහින් ආවේ කිවුවා. ඒත් කෑම කෑවේ නෑ කිවුවා. පව් දෙයියනේ බඩගින්නේ ඉන්නවා. තාත්තත් නෑලු. පවු කෑම අරං දුන්නා. පොඩි මෑන්ගේ චොක්ලට් වගයක් තිබ්බා CAR එකෙ. එකක් ගෙනත් දුන්නා කන්න කියලා. කවද හරි හරියන්න ඕනේ මේ වගේ අසරණ අයට. පුළුවන් හැමවෙලාවකම කාටහරි පිහිටක් වෙන්න. බුදුසරණයි.

ඇත්තෙන්ම ඇය එලෙසින් බොහෝ අවස්ථාවලදී බොහෝ අයට පිහිට වෙනවා. ඒ නිහතමානී කමට තමයි අපි ඇයට ආදරය කරන්නෙත්. ඇත්තෙන්ම එය වටිනා දෙයක්.

Leave a Comment