Gossip

පළමු විවාහයෙන් වෙන්වූ සුපිරි ක්‍රිකට් තරුව මහේල ජයවර්ධන නැවතත් විවාහ වෙයි.

මහේල ජයවර්ධන කියන නම මුළු ලෝකයම දන්නා කියන නමක්. මුළු ලෝකයේම ආදරය දිනාගත් චරිතයක්. ක්‍රිකට් වලින් මුළු ලොවක් පිස්සු වට්ටපු චරිතයක්. මහේල කියන්නේ ලංකාවේ ක්‍රිකට් ලෝකය හමුවේ ඔසවා තබන්නට කැපවුණු අති දක්ෂ ක්‍රිකට් තරුවක්. ඔහුට ලාංකීය ක්‍රිකට් ලෝලීන් වගේම විදෙස් රටවලද ක්‍රිකට් රසික රසිකාවියන් රැසක් සිටිනවා. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයාද වෙනවා.

මහේල මිට පෙර විවාහ වෙලා හිටියත් ඔහු එම විවාහයෙන් ඉවත් වෙනවා. ඔහුට එම විවාහයෙන් ලස්සන හුරුබුහුටි දියණියක් සිටිනවා. ඔහු හැකි සාම විටකම දියණිය සමග කාලය ගත කරන්න අමතක කරන්නේ නැහැ. දියණියට ඔහු ඉමහත් ආදරයක් දක්වනවා. විවාහයෙන් වෙන්වූ ඔහු නැවත අලුත් විවාහ දිවියකට ඇතුළත්වූ සුබ පුවතක් වාර්තා වෙනවා. ඒ සුරූපී තරුණියක් සමගින් ඇය නාටාෂා මාකලන්ද බවයි වාර්තා වන්නේ.

ඉකුත් 18 වනදා ඔහු දකුණු පලාතේ හොටෙල් නිකේතනයක මහේල විසින් ඔහුගේ චාම් විවාහ උත්සවය පවත්වා තිබුනා. ජිවිතයේ අලුත් පිටුවක් පෙරලමින් අලුත් ජිවිතයක් ඇරඹු මහේලට අප සුබ මංගලම් කියා සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment