රොෂාන් පිලපිටිය කියන්නේ ලංකාවේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත චරිතයක්. ආදරණිය චරිතයක්. ලොකු පොඩි හැමෝම ආස කරන චරිතයක්. රොෂාන් කියන්නේ පුංචි තිරයේ වගේම සිනමාවේත් දස්කම් දක්වන්නෙක්. විවිධාකාරයේ චරිත හරහා ඔහු දැකගන්න පුළුවන්. පාර දිගේ ටෙලි නාට්‍යයේ නානායක්කාරගේ චරිතය ඊට හොදම උදාහරණයක්. ඔහු විවාහ වෙන්නේ සුන්දර තරුණියක් සමගින්. ඇය පෙනුමින් වගේම හදවතින් සුන්දර ගැහැනියක්.
ඇය රිද්මා පිලපිටිය. රොෂාන්ට වගේම ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා. මේ පුංචි පවුල හැඩකාරන්න එන්නේ පුංචි පුතෙක්. ඔහු තමයි රාහුල්. දැන් මෙයා ලොකු කඩවසම් පුතෙක්. එයාට අවුරුදු තුනයි. ඉතින් මෙවර වෙනස්ම විදියකට පුතාගේ උපන්දිනය ඔවුන් සමරා තිබුනා.
ඒ පරාක්‍රම සමුද්‍රය මැද රොෂාන් වගේම රිද්මා තමයි ඒ අවස්ථාවට සම්බන්ධ වෙලා තිබුනේ. හරිම සුන්දර අවස්ථාවක් බවට එය පත්ව තිබුනා. පුංචි රාහුල් පුතුට අපිත් සුබ උපන්දිනක් වේවා කියා ප්‍රාර්ථනා කරමු.
Leave a Comment