ලංකාවේ කළා ශිල්පිනියන් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ, කාගේත් ආදරේ දිනාගත්ත දිනශිගේ සම්පූර්ණ නම තමයි බමින්න හැන්නැදිගෙ දිනක්ෂි ප්‍රියසාද්, 1990 වසරේ මාර්තු මස 18වන දින උපන් දිනක්ෂිගේ මේ වනවිට වයස අවුරුදු 23ක් වෙනවා, ඒ වගේම දිනක්ෂි කියන්නේ මේ වනවිට ආදරණීය මවක්, දිනක්ෂි විවාහ වෙන්නෙත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමග,
දිනක්ෂි කළා පවුලකින් රංගනයට සම්බන්ද වුන රංගන ශිල්පිනියක් ඒ වගේම තමයි ලංකාවේ ඉන්න ඉහලම මිලක් අය කරන රංගන ශිල්පිනියන් අතර ඉන්න කෙනෙක්, දිනක්ෂි ඇයගේ මූලික අධ්‍යාපනය හදාරන්නේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්, ඒ වගේම ඇය සිය උසස් අධ්‍යාපනය හදාරන්නේ Royal Institute ආයතන්යෙන්, 2000 වසරේ කළා ලෝකයට සම්බන්ද වෙන දිනක්ෂි මේ වනවිට ලංකාවේ විවිද පුවත් මවන අතිශය ජනප්‍රිය චරිතයක්.
දිනක්ෂි ගැන පසුගිය කාලයේ හැමෝම කතා වෙන්න පටන් ගත්තේ ඇයගේ සහ සාරංගගේ ආදරණීය දියණිය නිසා, මොකද සාරංග සහ දිනක්ෂි ඔවුනේ ආදරණීය දියණියට අවුරුද්දක් වෙනකන් ඇයගේ මුහුණ සමාජ ජාලාවල ප්‍රධර්ශනය කලේ නෑ, ඉතින් ඒ ගැන කාලෙන් කාලෙට ප්‍රේක්ෂකයින් විවිද කතා පැවසුවා, හැබැයි මේ කටකතා සහ ගොසිප් වලට මේ ආදරණීය යුවල දුන්නේ මේ වගේ ”අපි කොහොමත් එක එක අය කියන ගොසිප් ගණන් ගන්නේ නෑ,” කියලයි,
ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දිනක්ෂි ප්‍රියසාද් පසුගිය දවසක අපූරු සටහනක් සමාජ ජාලා හරහා ශෙයා කරලා තිබ්බා, ඒ සටහනය ඇයගේ රසිකයින් ගොඩක් හොඳ ප්‍රතිචාර දක්වලා තිබ්බා, මේ සටහනේ තියෙන්නේ නුන්ට පද හදන අය ගැන, ඒ සටහන තමයි මේ පහතින් තිබෙන්නේ,

Leave a Comment