Gossip

නෙහාරා සහ මේනක දෙවන වරටත් උතුම් මව්පිය පදවියට.

නෙහාරා පීරිස් කියලා කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. හුරුබුහුටි ලස්සන නිලියක්. නෙහාරා වගේම මේනක රාජපක්ෂ කියලා කියන්නෙත් ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. මේනක සහ නෙහාරා කියලා කියන්නේ කලාවේ නිතරම දක්නට ලැබෙන කලාවට නැතිවම බැරි චරිත දෙකක්. මේ ආදරණිය යුවල දැන් දෙමව්පියෝ. ආදරණිය දියණියක් මෙයාලට ඉන්නවා. ඇය තමයි මෙයිලි.

ඉතින් මේනක සහ නෙහාරා ගැන සුබ ආරංචියක් තමයි අසන්න ලැබෙන්නේ. ඒ ඔවුන් දෙදෙනා නැවත වරක් මව්පියන් වෙන්න යනවා කියලා. නෙහාරා දෙවන වරටත් මවක් වෙන්න සුදානමින් ඉන්නවා කියලා දැනගන්න ලැබුනා. මේනක රාජපක්ෂ ඒ කතාව ඇත්තක් බව සනාථ කරලත් තිබෙනවා. ඉතින් අපි ඔවුන් හදවතින්ම සුබ පැතුම් එක්කරනවා. ඉතින් මෙයිලිගේ තනියට තවත් අමුත්තෙක් ලගම එනවා.

Leave a Comment