Gossip

නෙහාරා රොෂාන් දිනක්ෂි පුංචි පැටව් තුරුළු කරන මෙවර නත්තල සැමරූ හැටි.

නත්තල කියන්නේ ලෝකවාසී කිතුනු බැතිමතුන්ට ඉතාමත් සුවිශේෂී දිනයක්. සාමයේ කුමරුන්ගේ උපත් සිදුවෙන දිනය. සෙනෙහස ආදරය නොඅඩුවම බෙදාගන්නා දවසක්. ඉතින් නත්තල කියන්නේ සුවිශේෂීම දිනයක්. කිතුනු බැතිමතුන් පමණක්ම නෙවෙයි. සෑම කෙනෙක්ම ආගම් ජාති භේද නොසලකා නත්තල සමරන්නේ ඉතාමත් ආදරෙන් සෙනෙහසින්. ඉතින් කිතුනු බැතිමතුන් දෙසැම්බර් උදාවෙනකම් ආසාවෙන් ආදරෙන් බාලගෙන ඉන්නවා. ඉතින් අපත් ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාට සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

ඉතින් අපේ රටේ ඉන්න ජනප්‍රිය තරු කලා තරු මෙවර නත්තල ජයටම සමාරා තිබුනා. ඒ වගේම අපේ රටේ ජනප්‍රිය කලාතුරු කිහිපදෙනෙක්ම. අලුත උපන් පුංචි අමුත්තෝ අමුත්තියෝ එක්ක අපේ කාලතරු කිහිප දෙනෙක්ම මෙවර නත්තල සමරන්න කටයුතු කරා. ඒඅතරින් නෙහාරා සහ මෙනෙක රාජපක්ෂ මෙයිලි දෝනි එක්කත්. රොෂාන් රණවන කුශ්ලානි සහ මිනෙත් පුතු එක්කත් දිනක්ෂි සහ සාරංග පුංචි දෝනි එක්ක පළමු වතාවටත් නත්තල සැමරුවා.

නෙහාරා සහ මේනක රාජපක්ෂ පුංචි දෝනි මෙයිලිගේ දෙවැනි නත්තල මෙවර සමරුවේ ඉතාමත් සතුටින්. දැන් පුංචි මෙයිලි දෝනි ලොකුයි. ඉතින් එයා එක්ක හරිම සුන්දරව නෙහාරා වගේම මෙනෙකත් නත්තල සමාරා තිබුනා. ඒ වගේම රොෂාන් රණවන ආදරණිය බිරිඳ කුෂලානි සහ මිනෙත් පුතු සමග නත්තල සැමරුවා. මිනෙත් පුතා දැන් ලොකු ළමයෙක් ඉතින් එයා ලගින්ම තියාගෙන රොෂාන් මෙවර නත්තල සැමරුවා.

දිනක්ෂි සාරංග මව්පිය ලබා තවම ලොකු කාලයක් ගත වෙලා නැහැ. හැමදාම තනියම සැමරූ නත්තල ඔවුන් මෙවර සමරුවේ හා හා පුරා කියලා පවුලට එකතු වුන පුංචි දෝනි නිසාවෙන්. ඉතින් මෙවර නත්තල ඔවුන්ට විශේශ්ස්යි. පුංචි දෝනි එක්ක මෙවර නත්තල ඉතාමත් සතුටින් ආදරයෙන් සමරා තිබුනා. ඉතින් ජිවිත වෙනස් වෙලා ආදරය අලුත් වෙලා සෙනෙහස වැඩිවෙලා අලුත් වුනු මේ නත්තල සුබ නත්තලක් වේවා කියා හදවතින්ම අපි ලෝකවාසී සැමටම සුබ ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment