Gossip

නව වසරේ එලියට ආපු මේනක සහ නෙහාරාගේ ප්‍රේමනීය සේයාරූ

මේනක රාජපක්ෂ කියන නමත් එක්කම කියවෙන අනිත මන ගැන හෝම වගේ දන්නවා. ඒ තමයි නෙහාරා පීරිස්. ඒ තමයි ආදරණිය ආදරයේ යුවල. ආදරණිය සැමියා සහ බිරිඳ. දෙදෙනාම ලංකාවේ ඉන්න ජනප්‍රියම තලයේ රංගන ශිල්පිනියක් සහ රංගන ශිල්පියෙකු වෙනවා. ඔවුන්ගේ හැකියාවන් මෙරට ප්‍රේක්ෂකයා හොදින් හදුනනවා. මේනක රාජපක්ෂ කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම තලයේ නළුවෙක් වගේම කඩවසම් නළුවෙක්. ඔහු ගායනයට වගේම නර්තනයටද දස්කම් දක්වනවා. පුංචි තිරයේ වගේම ඔහු රිදී තීරයේද දක්ෂයෙක් වනවා.

තවමත් ඔහු පුංචි තිරයේ පෙම්වතාම තමයි. තාමත් ඔහු පෙම්වතාගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. මේ දිනවල රේස් ටෙලි නාට්‍යයේ ඔහු මුස්ලිම් තරුණියකට පෙම්කරන තරුණයෙකුගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඒ සදහා ඔහුට ඉතාමත් හොද ප්‍රතිචාර ලැබෙනවා. ඔහු දැන් තත්තා කෙනෙක්. ලස්සන හුරුබුහුටි දියණියක් ඔහුට සිටිනවා. ඉතින් ඔහු වැඩිපුරම දැන් කාලය ගත කරන්නේ මේ පුංචි රෝස මල එක්ක තමයි.

නෙහාරා කියන්නෙත් පුංචි තිරයේ ආදරණිය චරිතයක්. ඇය රංගනයට වගේම නර්තනයට ඉතාමත් දක්ෂයි, ඇයගේ නර්තන ඇකඩමියක් පවා තිබෙනවා. කවර් ඩාන්සින් නිරමාණ සදහාද ඇයට ඉහල ප්‍රතිචාර ලැබෙනවා. නෙහාරා දැන් කාර්යබහුල අම්මා කෙනෙක්. මෙයිලි දෝනි එක්කම කාලය ගත කරන ඇයගේ ජිවිතේ දැන් හරිම සුන්දරයි කියලා තමයි දැනගන්න ලැබුනේ. නෙහාරා මේනක පුංචි මෙයිලි මේ කැදැල්ල හරිම ආදරණිය කැදැල්ලක්.

ඉතින් මේ නව වසරේ නෙහාරා සහ මේනකගේ ආදරණිය චායාරූප එකතුවක් හුමමාරු වෙනවා, ඉතාමත් ප්‍රේමනීය වූ ඔවුන්ගේ මේ චායාරූප ගෙන තිබුනේ රැන්ඩෙලා ෆනැන්ඩෝ විසින් නිර්මාණය කරන දින දර්ශන එකතුවේ චායාරූප වලට. ඉතින් ඒ අවස්ථාවේ මුහුරත් උළෙලට කලාතරු රැසක්ම සම්බන්ධ වී තිබුනා. ඒ අවස්ථාවේදී ගත් ඔවුන්ගේ ප්‍රේමනීය චායාරූප එකතුවක්ද දැකගන්න ලැබෙනවා. මේ දෙපාලට හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා කියා අපත් ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment