නලින් පෙරේරා කිවුවම කවුද නොදන්නේ. ප්‍රසංග වේදිකාවේ ඉන්න ඒ ආදරණිය ගායකයා කවදාවත් කාටවත් අමතක වෙන්නේ නැහැ. ඔහුගේ ගීත වලට මෙරට ලොකු පොඩි සැවොම ආදරය කරනවා. ඒ වගේම ගායන ක්ෂේත්‍රයේ සිටින නිහතමනී හිත හොද ගායකයෙකු ලෙස ඔහු කා අතරත් ප්‍රසිද්දයි. ඒ විතරක් නෙවෙයි ක්ෂේතරයට එන නවකයින්ට අතහිත දෙන්නෙක් ලෙසත් ඔහු හදුන්වන්න පුළුවන්. මේ කිවුවේ නලින් පෙරේරා ගැන වුනාට අද කියන්නේ නලින් පෙරේරාගේ දුව ගැන.
නලින් පෙරේරාට ඉන්නේ සුනදර දියණියක්. හින්දි නිලියක් වගේ ලස්සන දුවෙක්. ඇය තමයි ස්වේතා මෙයිලි. ඇයත් ගායනයට ඉතාමත් දක්ෂයි. ඉතමත් මිහිරි හඩක් ඇයට තිබෙනවා. කාලයක් විදෙස් ගතවෙලා උසස් අධ්‍යාපනය හදාරපු ඇය දැන් ඉන්නේ ලංකාවේ. පසුගිය කාලයේ ඇයගේ පෙම්වතා ඇයට විවාහ යෝජනාව ඉදිරිපත් කිරීමත් එක්ක හැමෝම ඇය ගැන කතාකරා.
ස්වෙතාගේ වේදීන් එක ලගයි. අද හෙට වෙන්නත් පුළුවන්. ඊයේ එයාගේ bride to be පාටි එක තිබුනා. යාලුවෝ සහ එයාගේ පෙම්වතා ඇතුළු පිරිස තමයි මෙය සංවිධානය කරලා තිබුනේ. හරිම සුන්දර අවස්ථාවක් බවට පත්ව තිබුනා. ඒ අවස්ථාවට ඇගේ පෙම්වතා වන රනිත් අහන්ගමත් සම්බන්ධ වෙලා තිබුනා. යාළුවො එකතුවෙලා දීපු මේ පාටි එක ලොකු සප්‍රයිස් එකක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. අපිත් ඇයගේ නව දිවියට හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.
Leave a Comment