Gossip

නලින් පෙරේරාගේ දියණිය සේවේතාට පෙම්වතා දීපු සප්‍රයිස් විවාහ යෝජනාවේ සේයාරූ.

ගායන ලෝකයේ ආදරය අඩුවක් නැතිව ලබාගත් දක්ෂ ජනප්‍රිය ගායකයෙක් තමයි නලින් පෙරේරා කියන්නේ. කණ්ඩායම් සංගීතයේ දිගු ගමනක් යන්නට සමත්වුණු ඔහු ගැන මුළු ගායන ලෝකයේම තියෙන්නේ ඉතාමත් සුන්දර මතක. මේරියන්ස් නායකයා ලෙසින් ගායන ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් පෙරලියක් කරන්නට ඔහු සමත් වුනා. මේ වෙද්දී ලංකාවේ ඔහු ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඔහුට ආදරය කරන ඔහුගේ ගීත වලට ආදරය කරන රසික රසිකාවියන් රැසක් මෙරට වගේම විදෙස් රටවලද සිටිනවා.

නලින් පෙරේරා කියන්නේ කිසිම ආඩම්බර කමක් නැති පොලවේ පයගහලා නිදහසේ ජිවත් වෙන ආදරණිය ගායකයෙක්. ඔහු ඉතාමත් නිහතමානී බව ගායන ක්ෂේත්‍රයේ සිටින හැමෝම වගේ දන්නවා. ඒ වගේම නවකයින්ට අතහිත දෙන්න ඔහු පැකිලෙන්නේ නැහැ. ඒ ගතිගුණ නිසාම ඔහුට බාල තරුණ මහලු හැමෝම වගේ එක ලෙසින් ආද්රය කරන්නේ.ඔහුගේ ගීත ඉතාමත් මිහිරියි. ඒ නිසාම් ඇ ගීත වලට ලැබෙන්නෙත් ඉහලම ප්‍රතිචාර.

නලින් පෙරේරා කියන ගායකයා ආදරණිය තාත්තා කෙනෙක්. ඔහුට ඉතාමත් සුන්දර දියණියක් වගේම කඩවසම් පුතෙකු සිටිනවා. දියණිය ගැන මේ වෙද්දී බොහෝ දෙනෙක් දන්නවා. ඇය ස්වේතා මෙයිලි. නම වගේම ඇයත් හරිම සුන්දර යුවතියක්. හරිඅම ප්‍රියකරු යුවතියක්. ඉතින් ඇය කාලයක් විදෙස් ගත වෙලා අධ්‍යාපන කටයුතු හදාරනු ලැබුවා. ඇය බලාපොරෝහ්තු වෙන්නේ ඇයගේම ව්‍යාපාරයක් පටන් ගන්න බවද ඇය වරෙක කියා සිටියා.

ස්වේතා තාත්තා වගේම ගායනයට හරිම දක්ෂ දියණියක්. ඇය දැන් තාත්තා සමග ගීත ගායනා කරනවා. ඇයටත් හරිම සුන්දර මිහිරි හඩක් තියෙනවා. ස්වේතා කියන්නේ දැන් ලොකු ළමයෙක්. ඉතින් එයාගේ ජිවිතේ වටිනාම දවසක් තමයි ඊයේ දිනය. ඇය පෙම්වතියක්. ඉතින් ආදරණිය පෙම්වතා විසින් ඇයට සප්‍රයිස් මැරේජ් ප්‍රපොසල් එකක් සිදුකර තිබුනා. ඒ ස්වෙතාගේ පවුලේ අය සහ හිත මිතුරන් එකතු කරගෙන. ඉතින් මේ අවස්ථාව ඉතාමත් සුන්දර අවස්ථාවක් බවට පත්ව තිබුනා. ඔහුත් ස්වේතා වගේම ඉතාමත් කඩවසම් තරුණයෙක්. ඉතින් ඔවුන් දෙපලට අපත් හදවතින්ම සුබ පැතුම් එක්කර සිටිනවා.

Leave a Comment