Gossip

නදීමාල්ගේ පෙරේරාගේ උපන්දිනයට තාත්තා අමල් මහ රෑ දීපූ සප්‍රයිස් එක.

අමල් පෙරේරා කියන්නේ සංගීත ලෝකයේ ඉන්න දැවැන්ත චරිතයක්. ඔහුව නොහදුනනා කෙනෙක් නැති තරම්. ඔහු ලංකාවේ රසික රසිකාවියන් ගේ ආදරය දිනාගත් චරිතයක්. මර්වින් පෙරේරාගේ ආදරණිය පුතනුවන් වන්නේ ඔහුයි. ඔහුගේ මිහිරි හඩට රසිකයින් බෙහෙවින් ආදරය කරනවා. ලංකාවේ වගේම විදෙස් රටවලද ඔහුට තියෙන්නේ අතිශය ජනප්‍රියත්වයක්. ඒ වගේම ඔහු තවමත් කඩවසම් පෙනුමැති ගායකයෙක්. ඔහු තවමත් තරුණයි කියලා කිවුවොත් නිවැරදියි. මේ දිනවල අමල් හිරු ස්ටාර් වේදිකාවේ දැකගන්න පුළුවන්.

අමල් පෙරේරා කියන්නේ තිදරු පියෙක්. ඔහුට ලොකු පුතෙකු සහ දියණියක සිටිනවා. ඒ වගේම දෙවන විහායෙන් සුරතල් සිගිති දියණියක්ද සිටිනවා. ඔහු නැවත විවාහ වුනේ ජනප්‍රිය නිලියක් සමගින්. ඔහු තවමත් පවුල් දෙකේම අය සමගින් ඉතාමත් සුහදව කටයුතු කරනු ලබනවා. නදිමාල් පෙරේරා කියන්නේ අමල්ගේ ලොකු පුතා. ඔහු ලංකාවේ තාරුණ්‍ය නියෝජනය කරන දක්ෂ ජනප්‍රිය තලයේ ඉන්න ගායකයෙක්. වගේම කඩවසම් තරුණයෙක්. ඔහුට තරුණියන්ගෙන් ලැබෙන්නේ ඉමහත් ආකර්ෂණයක්.

ඔහුට ආදරණිය නැගණියක් සිටිනවා. ඒ වගේම තාත්තාගේ දෙවන විවාහයෙ සුරතල් නැගණියක්ද සිටිනවා. නදිමල්ගේ උපන්දිනය ඊයේ යෙදී තිබුනා.ඒ සදහා අමල් පෙරේරා ඔහුගේ තාත්තා මිතුරන් නෑදැයින් පිරිවරාගෙන ඉතාමත් ජයට උපන්දිනය සමරනු ලැබුවා. ඒ අවස්ථාවේ වීඩියෝ සහ චායාරූප මේ වන විට හුවමරුවෙනු ලබනවා. ඉතින් තාරුණ්‍යය නියෝජනය කරන ආදරණිය ගායකයාට අපත් සුබ උපන්දිනක් වේවා කියා ප්‍රර්ථනා කරනවා.

සියලු සිතුම් පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී සුබ උපන්දිනක් වේවා කියා ප්‍රර්ථනා කරනවා. නදිමල් කියන්නේ තවමත් තනිකඩ තරුණයෙක්. ඉතින් තාරුණ්‍යයේ තරුණියන්ගේ සිහින කුමරෙක් තමයි ඔහු.රසික රසිකාවියන්ගේ ආදරය ලබමින් ගායන ලෝකයේ ඔහු දිගු ගමනක් යන්නට වාසනාවන්ත වුනා. ඉතින් ඔහුගේ ඉදිරි සියලු වැඩ කටයුතු සුබ වේවා කියා ප්‍රර්ථනා කරනවා.

Leave a Comment