Gossip

දේශපාලනයට සමුදුන් පබා දැන් ගෙවන සොදුරු ජිවිතේ.

පබා මේ නම ලංකාවේ ප්‍රේක්ෂකයන්ට කවදාවත අමතක වෙන්නේ නැති නමක් තමයි. පබා කියන්නේ ටෙලි කතාවක චරිතයක් වුනත් ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගන්න ඒ චරිතයට හැකියාව ලැබුනා. ජනප්‍රිය රංගන ශිල්පිනිය උපේක්ෂා ස්වර්ණමාලි ඇයගේ අනමට වඩා හැමෝම ඇයව හදුනාගන්නේ පබා ටෙලි නාට්‍යයේ පබා ලෙසින්. ලංකාවේ කාලයක් පුරාවට ජනප්‍රිය වුන අදටත් ජනප්‍රිය ටෙලි කතාවක් තමයි පබා කියලා කියන්නේ. උපේක්ෂා ප්‍රේක්ෂකයා අතරට හොදින්ම පැමිණෙන්නේ පබා හරහා. එනිසයි අදටත් බොහෝ දෙනා ඇයට පබා කියා අමතන්නේ.

උපේක්ෂා කියන්නේ පුංචි තිරය වගේම රිදී තිරයත් ජයගත් චරිතයක්. ඇය මේ දිනවලද ටෙලි නාට්‍ය කිහිපයකම දැකගන්න පුළුවන්. පානාමංකඩ ටෙලි නාට්‍යයේ ඇය සුවිශේෂී චරිතයකට රංගනයෙන් දායක වෙනවා. පබා, මයා, අහස් මාලිගා වැනි නිර්මාණ මෙරට ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලදගත නිර්මාණ බවට පත්වුනා. උපේක්ෂා කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇය නරතනයට උපන් හපන්කම් දක්වන චරිතයක්.

කලාවෙන් දිනාගත් උපේක්ෂා පසුකාලීනව දේශපාලනයට පිවිසෙනවා. ඇය දේශපාලන වේදිකාවේ ආදරණිය චරිතයක් බවට පත්වෙනවා. පබාට ආදරය කරපු හැමෝම වගේම ඇයව පාර්ලිමේන්තුවට යවන්න කටයුතු කරා. කාලයක් දේශපාලන වේදිකාවේ රැදී සිටිය ඇය පසුව දේශපාලනයෙන් ඉවත්වුණා. ඒ කාලයේදී සමහර මැති ඇමතිවරුන්ගේ බැල්ම ඇයට වැටුන බවත් ඇය තමාගේ ගෞරවය රැකගෙන කටයුතු කර බවත් කියා සිටියා.

දැන් ඇය ආදරණිය මවක්. දියණියක් ඇයට සිට්යින්වා. දැන් දියණිය ලොකුයි. සැමියා සහ දියණිය එක්ක ඉතාමත් ආදරබර ජිවිතයක් මේ වෙද්දී ඇය ගත කරනවා. උපේක්ෂා කියන්නේ රූමත් තරුණියක් වගේම ඉතාමත් නිහතමානී චරිතයක්. ඇය මේ දිනවලද රංගන කටයුතු වල නියැලෙමින් ඉතාමත් සතුටින් කාලය ගත කරනවා. ඇයගේ අනාගත සියලු වැඩ කටයුතු සුබ වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment