Gossip

දුව විවාහ වෙලා යද්දී ශරීරයෙන් හදවත එලියට යනවා වගේ දැනුනේ.

නලින් පෙරේරා ගායන ක්ෂේත්‍රයේ ආදරය දිනාගත් නිහතමානී චරිතය තමයි ඇය. මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායකයා තමයි ඔහු. ගීතයෙන් හදවත් පිනවන ආදරණිය නිහතමානී ගායකයා තමයි ඔහු ගේ ගීත අසන්න හැමෝම කැමතියි. ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල ලොකු පෙරලියක් කරපු චරිතයක් තමයි ඔහු. ඔහුගේ ආදරණිය දියණිය ස්වේතා මෙයිලි ඇයගේ විවාහ උත්සවය පසුගියදා ඉතාමත් උත්සවශ්‍රීයෙන් පැවැත්වුනා.

විවාහයෙන් පස්සේ දියණිය සැමියා සමගින් මෙල්බර්න් වල පදිංචියට පිටත්වෙලා ගියා. ඒ අවස්ථාවේ නලින් පෙරේරා සංවේදී වන වීඩියෝවක් පවා සමාජ මධ්‍යයේ සංසරණය වෙනවා. ස්වෙතාගේ සැමියා ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවෙක් නිසා ඇයට එහි යන්න සිදුවෙනවා. නලින් පෙරේරා දුවට හරිම ආදරෙයි.

ස්වේතා දුව කියන්නේ මගේ ගෙදර සීනුව. දුව විවාහ වෙලා යද්දී මගේ ශරීරයෙන් හදවත එලියට අරන් යනවා වගේ දැනුනේ. මම ගොඩක්ම සමීප දුවට. විවාහයෙන් පස්සේ ඒ දෙන්නා විදෙස් ගත වුනා. ඒකත් දරාගන්න අපහසුයි. මොනවා කරන්නද ජිවිතේ අත්හැරීම තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. පියෙක් හැටියට සතුටයි දුකයි දෙකම එකතු වුන තැනක්. එයා පතපු විදියට හැමදේම සිද්ද වුනා. එයා පතපු විදියට හැමදේම සිද්දවුනා.

දැන් මමත් බිරියත් හරි අසාවෙන් ඉන්නේ ආච්චිලා සියාලා වෙන්න.

Leave a Comment