කලා ලොවේ දිදුලන තාරකාවියන් ගැන නිතරම කතාබහට ලක්වෙනවා. කලා ලෝකය කියන්නෙම සුන්දර තැනක්. ඒ වගේම ආදරණිය තැනක්. කලාවේ රැදී ඉන්න ශක්තිමත් හිතක් තියෙන්නත් ඕඅන. ප්‍රසංශා වගේම අවලාද මේ හැමදෙඅම කළා ලෝකයේ ඉන්න අයට ලැබෙනවා. ඒක සාමානය දෙයක්. නමුත් කලා ලෝකයේ තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන ආදරණිය ලෙස ජිවත් වෙන් චරිතත් ඕනා තරම් සිටිනවා. නිපුනිකා හේවාගමගේ කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ජනප්‍රිය චරිතයක්. ඇය ගැන හැමෝම දන්නවා.
නිරනතරයෙන්ම සුන්දර සිනහවෙන් මුව සරසාගෙන ආද්‍රනියව ජීවිතය ගෙවන ඇයට මෙරට ප්‍රේක්ෂකයන් හැමෝම ආදරය කරනවා. ඇයගේ නිහතමානී බවට හැමෝම ආදරය කරනවා. කලා කාරියක් සතුව තියෙන ආදරණිය බව සහ නිහතමානී සහ සුහදශීලි බව අඩුවක් නැතිව ඇය තුල තිබෙනවා. ඇය දක්ෂ නිවේදිකාවක්. අති දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම දක්ෂ නරතන ශිල්පිනියක් කියලත් ඇයව හදුන්වන්න පුළුවන්. ඇය නර්තනයට ඉතාමත් දක්ෂයි. ඇයගේ විවාහ මංගල උතසවයේදී ඇයගේ නර්තනය ගැන හැමෝම කතා වුනා.

ඇය විවාහ වෙන්නේ ව්‍යාපාරිකයෙකු සමග ඔහු ලහිරු. ඔවුන්ගේ විවාහ මංගල උත්සවය උත්සවශ්‍රීයෙන් ගනු ලැබුවා. කොහොම නමුත් විවාහයෙන් පස්සේ නිපුනිකා කලාවෙන් ඈත් වුනා කියලා කිවුවොත් නිවැරදියි. ඇය ඒ බව කලින්ම කියා සිටියා. විවාහයෙන් පසුව මුල් තැන දෙන්නේ ඇය පවුල් ජිවිතයට බවයි. ඒ නිසාම් ඇය කලා නිර්මාණ තුලින් දැකගන්න ලැබුනේ නැහැ. දැන් ඇය ගැන සුබ පුවතක් වාර්තාවෙනවා.
ඇය උතුම් මව් පදවිය ලබලා. නමුත් ඒ බව ප්‍රේක්ෂකයින් නම් දැනගෙන හිටියේ නැහැ. ඇය දැන් සිගිති දියණියකගේ අම්මා කෙනෙක්. පුංචි දියණිය එක්ක පවුලේ හැමෝම එකතුවෙලා ලස්සන ෆොටෝ ෂුට් එකක් සිදුකර තිබුනා. චුටි දෝනිගේ නම තමයි කායා. ඉතින් මව් පදවිය ලබපු ඇය චුටී දෝනි තුරුළු කරගෙන සැමියා සහ අම්මා තාත්තා හැමෝම ලස්සන චායාරූප එකතුවක් සිදුකර තිබුනා. ඉතින් one dulani photography විසින් තමයි මේ සොදුරු අවස්ථාව කැමරා නෙතට හසුකරගෙන තිබුනේ. ඉතින් නිපුනිකාටත් අලුත උපන් පුංචි දෝනිටත් අපි හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.
Leave a Comment